Risk Reward Ratio (R:R) යනු කුමක්ද?
Risk Reward Ratio (R:R) යනු කුමක්ද?
එනම් Stop Loss Point එක ඇති කලාපයේ සිට Entry Point එක දක්වා ඇති දුර මෙන් දෙගුණයක් Profit Target ලෙස භාවිත කිරීම Risk Reward Ratio ලෙස හඳුන්වයි.එමෙන්ම Trend එකේ දිශාවට Trade එකක්ගන්නාවිට Risk එකමෙන් දෙගුණයක Profit Target එකක් භාවිත කළහැකි අතර Trend එකට විරුද්ධ දිශාවට Trade කරන විටකදී Risk එක මෙන් දෙගුණයකට අඩුවෙන් එනම් 1:1.5 යන අනුපාතයට අනුව R.R එක තිබිය හැකිය.
Market එක තුළ Trade කරන අවස්ථාවල හමුවන "Leverage" යන වචනයේ තේරුම හා එහි වැදගත්කම කුමක්ද ?
Leverage යන වචනයේ සරලම අදහස වනුයේණය මුදලක් ලබා ගැනීමයි.එනම් තමා ළඟ ඇති මුදලින් Trade එක සඳහා පිවිසීමේදී යොදවන මුදලට අමතරව Platform (Binance, KuCoin, Bybit) එක හරහා අපට ලබාගත හැකි අමතර මුදල වේ. එමෙන්ම 2x සිට 200x දක්වා ඕනෑම ප්‍රමාණයකින් මෙම ණය මුදල ලබා ගැනීමට බොහෝ Platform වල ඉඩකඩ හිමිවී ඇත. උදාහරණයක් ලෙස ඔබ USDT 10 භාවිත කරමින් 10x Leverage කර Trade එක සඳහා පිවිසේ නම් ඔබ ළඟ ඇති USDT 10 ට අමතරව USDT 90 ක ණය මුදලක් ඔබට හිමි වන අතර USDT 100 භාවිතා කර Trade එකට පිවිසුණු බව ඉන්පසුව දිස්වේ. එම USDT 100 ට අනුව ඔබගේ ලාභය සකස් වන අතර ඔබ Trade එක මගින් ලබාගත් ලාභයෙන් යම්ගාස්තුවක් ඔබට ලබා දුන් ණය මුදල වෙනුවෙන් Platform එක තබාගනු ලබයි. ඉතිරි ලාභය හා ඔබ යෙදවූ USDT 10 ඔබට ආපසු හිමි වේ. එමෙන්ම ඔබ ලබා ගන්නා ලද ණය මුදලට අනුව Platform එක ඔබෙන් අය කරනු ලබනගාස්තුවේ අගය වෙනස් වේ. මෙලෙස Leverage පිළිබඳව පැහැදිලි කළ හැකිය.
වෙළඳපොළ තුළ මුදල් භාවිත කරමින් වෙළඳාම් කිරීමේදී එනම් Trade එකට Entry වීමට ප්‍රථම තමා ළඟ ඇති මුදල් නිවැරදි ලෙස කළමනාකරණය කර ගනු ලබන්නේ කෙසේද?
Trade එකට Entry වීමකදී සෑම විටකම තමා ළඟ ඇති මුළු Capital එකෙන් 5% හෝ ඊට අඩුවෙන් ගෙන Trade එකට Entry වීම සිදුකළ යුතු අතර එක වර Trade තුනකට වඩා අඩුවෙන් ගැනීමට කටයුතු කිරීම ඉතා වැදගත් වේ.
මාසයක් තුළ තමා ලබාගන්නා ලාභය නිවැරදි ලෙස කළමනාකරණය කරගන්නේ කෙසේද ?
Usdt 1000 ඇති පුද්ගලයෙකු එක් මාසයක් තුළ Usdt 600 ක් උපයනු ලබයි නම් එම ආදායම කොටස් හතරකට බෙදා වෙන්කරවා ගත යුතුවේ.
ඉන්පසු වෙන්කර ගත් කොටස් හතරින් පළමු කොටස පුද්ගලයකුගේ එදිනෙදා වියදමට භාවිතා කළ හැකිය. දෙවන කොටස භාවිතා කර යම්කිසි කොටස් ප්‍රමාණයක් හෝ වෙනත් Platform එකක Invest කිරීම සඳහා භාවිතා කළ හැකිය. ඒ සඳහා උදාහරණයක් ලෙස Land, Gold, Silver, Crypto, Treasury Bonds, Stock හැඳින්විය හැකිය. තුන්වන කොටස Futures Capital එක වැඩි කර ගැනීමට භාවිත කළ යුතු අතර අවසාන කොටස කිසිවකට නොගෙන අනාගතයේ යම් ව්‍යාපාරයකට ආයෝජනය කිරීමට හෝ වෙනත් අවස්ථාවක භාවිත කිරීමට වෙනත් Platform එකක Wallet එකක Fixed Deposit එකක හෝ Saving Deposit එකක| ඉතිරි කර තැබිය යුතුය.
වෙළෙඳපොළ තුළ හොඳ ආදායමක් ලබාගැනීමට නොහැකිව තමා ලග ඇති මුදල් නැතිවීමට බලපානු ලබන කරුණු මොනවාද?
Confirmations නොමැතිව Trade වලට Enter වීම.
Market Over Trust .
Market එකෙහි ඉන්න හැම වෙලාවේම Trade සෙවීම.
SL භාවිත නොකිරීම. 5% Rule භාවිත නොකිරීම.
Trading Plan භාවිත නොකිරීම. F.O.M.O
5.% Trade Margin වෙනස් කිරීම.
තමන්විශ්වාස නොකිරීම.
Panic
වෙළඳපොළ තුළ හොඳ ආදායමක් ලබාගෙන තමා ලග ඇති මුදල් වැඩි කර ගැනීමට පිළිපැදිය යුතු කරුණු මොනවාද?
ඉහත සඳහන් මුදල් නැතිවීමට බලපාන කරුණු අවම කර ගැනීමට කටයුතු කිරිම.
Market එක නිවැරදිව අවබෝධ කර ගැනීම.
Trade එක ගැනීමට පෙර අවම Confirmation 3 ක් වත් භාවිත කිරීම.
Fundamental News පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීම.
Fundamental Charts පිළිබඳ හොඳ අවබෝධයක් ඇතිකර ගැනීම.