Bullish Candle Patterns යනු Market එකක් ඉහලට යාමට ඉඩ ඇතිබව තහවුරු කරගත හැකි සාධකයකි. තවද මෙය ඉහලට යන බව සනාථ කර ගැනීමට නම් Support Line එකක් මත මෙම Candle Patterns ඇති විය යුතුය.
Support Line එකක් මත Hammer Candlestick එකක් ඇති වුවහොත් Market එක ඉහලට යාමට ඉඩ ඇති අතර එහි ඇති වන Candlestick එකෙහි වර්ණය කුමන පාටකින්යුක්ත වූවත් Market එක ඉහලට යාමට බල නොපානු ඇත.
Support Line එකක් මත මෙම Engulfing Candlestick ඇති වුවහොත් Market එක ඉහලට යාමට ඉඩ ඇත.
Support Line එක මත Harami Candlestick එකක් ඇති වී පසුව ඇති වන Candlestick එක Green Candlestick වුවහොත් Market එක ඉහලට යාමට වැඩි සම්භාවිතාවක් ඇත.
Support Line එක මත Morning Star එකක් ඇති වුව හොත් Market එක ඉහලට යාමට ඉඩ ඇත. තවද Third Candle එක කුමනවර්ණයකින් යුක්ත වුවත් Market එකෙහි ගමන් කිරීමට බාධාවක් නොවෙයි. Second Candle එක First Candle එකට සාපේක්ෂව 50% කවත් උසකින්යුක්ත විය යුතුය.
Support Line එක මත Three Inside Up එකක් ඇති වුවහොත් Market එක ඉහලට යාමට වැඩිසම්භාවිතාවක් ඇත. තවද Red Candlestickඑකෙන් පසු ඇති වන මුල් Green Candlestick එක පෙර Red Candlestick එකෙහි 50% කවත් අවම ඉහල යා යුතුය. එමෙන්ම දෙවනියට ඇති වන Green Candlestick එක පෙර ඇති වූ Red Candlestick එකෙහි Open එකට වඩා ඉහලින් Close විය යුතුය.
Support Line එක මත Three White Soldiers ಲಿකක් ඇති වුව හොත් Market එක ඉහලට යාමට ඉඩ ඇත. මෙහිදීතුන්වෙනුවට ඇති වන Green Candlestick එක Brake කර Market එක ඉහලට ගමන් කල හොත් Trade එකකට Entry විය හැකිය.
Piercing Line එකක් නිවැරදිව Market එක තුල හදුනා ගැනීමට නම් පලමුව හටගන්නා Red Candlestick එකට පසුව හටගන්නා ලද Green Candlestick එකෙහි Open එක Red Candlestick එකට පහලින් සිදු විය යුතු අතර එහි Close වීම Red Candlestick එකෙහි 50%ක් වත් ඉහලට පැමිණ Green Candlestick එක Close විය යුතුය. එවිට Trade එකකට පිවිසීමට යම් ඉඩක් ඇත.
Tweezer Bottom එකක් නිවැරදිව Market එක තුල හඳුනා ගැනීමට නම් Support Line එක තුල ඇති මුල Candlestick එක Red විය යුතු අතර පසුව ඇති ඇති වන Candlestick එක Green Candlestick එකක් විය යුතුය. එවිට Market එක ඉහලට යාමට වැඩි ඉඩක් ඇත.
Support Line එකක් මත මෙම Candlestick එක ඇති වුවහොත් Gandle Stick එක Close වී එහි ඇති වී ඇති Wick එකට වඩා ඉහළට Live Market එක පැමිණෙන අවස්ථාවේදී Trade එකකට පිවිසිය හැකිය.(මෙම Candlestick එක ඕනෑම වණයකින් ඇති විය හැකිය.)
Support Line එකක් මත මෙම Marubozu ඇති වුවහොත් එම Candlestick එක Close වී එයින් ඉහළට Market එක ගමන් කළ හොත් එහිදී Trade එකකට පිවිසිය හැකිය.(මෙහි Wick නොතිබිය යුතුය.)