BASIC TRADING
BASIC TRADING
Market එකේ "වේගය" මනින Speedometer එක: RSI Indicator එක හරියටම පාවිච්චි කරන්නේ කොහොමද?
අපි TradingView ගැන කතා කරපු නිසා, අද කතා කරමු TradingView එකේ තියෙන ජනප්‍රියම සහ ගොඩක් අය පාවිච්චි කරන Indicator එකක් ගැන. ඒ තමයි RSI (Relative Strength Index).
සරලවම කිව්වොත් RSI කියන්නේ හරියට වාහනයක Speedometer එක වගේ වැඩක්. Market එක මේ වෙලාවේ යන වේගය සහ ඒක "ඕනවට වඩා වැඩිද?" නැත්නම් "ඕනවට වඩා අඩුද?" කියලා මැනගන්න මේක උදව් වෙනවා.
කොහොමද මේක වැඩ කරන්නේ?
RSI එකේ තියෙන්නේ 0 ඉඳන් 100 ට යන ඉලක්කම් පේළියක්. හැබැයි අපිට වැදගත් වෙන්නේ ඉලක්කම් දෙකයි. 70 රේඛාව (Overbought) 30 රේඛාව (Oversold)
RSI අගය 70 ට වඩා වැඩියි කියන්නේ: Market එකේ Price එක ඕනවට වඩා වැඩි වෙලා තියෙන්නේ (Overbought). ගැනුම්කරුවන් (Buyers) දැන් හෙම්බත් වෙලා ඉන්නේ. ඒ නිසා Price එක පහල යන්න පොඩි ඉඩක් තියෙනවා. (Sell කරන්න හොඳ අවස්ථාවක් වෙන්න පුළුවන්).
RSI අගය 30 ට වඩා අඩුයි කියන්නේ: Market එකේ Price එක ඕනවට වඩා පහල බැහැලා තියෙන්නේ (Oversold). විකුණන අය (Sellers) දැන් අයින් වෙන්න ලඟයි. ඒ නිසා Price එක ආපහු උඩ යන්න ඉඩක් තියෙනවා. (Buy කරන්න හොඳ අවස්ථාවක් වෙන්න පුළුවන්).
නමුත්, මේක තමයි වැදගත්ම දේ! (Caution)
ගොඩක් අය වරද්දගන්න තැන මේකයි. "RSI එක 30 වුනු ගමන් Buy කරලා, 70 වුනු ගමන් Sell කරන්න එපා!"
RSI කියන්නේ Trade එකකට Enter වෙන්න අපි බලන්න ඕන එක Point එකක් (Confirmation) එකක් විතරයි.
උදාහරණයක් විදියට: ඔයා දකිනවා Market එක Support Level එකකට ඇවිත් තියෙන්නේ කියලා. අන්න ඒ වෙලාවට ඔයා RSI එක බලනවා. එතකොට RSI එකත් 30 ට ඇවිත් නම්, අන්න එතනදි ඔයාට Double Confirmation එකක් ලැබෙනවා "Price එක උඩ යන්න පුළුවන්" කියලා.
RSI = අමතර සාක්ෂියක් මිසක්, තනි තීරණ ගන්න මෙවලමක් නෙවෙයි.
Chart එකේ Trend එකයි, Support/Resistance ලයින්ස් ටිකයි එක්ක RSI එක ගැලපුවොත්, ඔයාට ගන්න පුළුවන් Entry එක බොහොම බලගතුයි.
Market එකේ "සිග්නල් ලයිට්" එක: Trend එක මාරු වෙන තැන හරියටම අල්ලගමු!
අපි කලින් Post එකෙන් කතා කළානේ RSI (වේග මීටරය) ගැන. අද අපි කතා කරන්නේ අපේ Trading Confirmation Series එකේ 2 වෙනි Point එක ගැන.
සරලවම කිව්වොත්, RSI එකෙන් අපිට කියනවා "දැන් වාහනේ වේගය වැඩි වැඩියි" කියලා. හැබැයි MACD එකෙන් තමයි අපිට හරියටම කියන්නේ "දන්නම් යූ ටර්න් (U-Turn) එකක් ගහන්නයි යන්නේ" කියලා.
කොහොමද මේකෙන් වැඩ ගන්නේ?
MACD එකේ අපිට බලන්න තියෙන්නේ ප්‍රධාන ඉරි කෑලි 2 යි. (ගොඩක් වෙලාවට නිල් පාට සහ තැඹිලි පාට). මේකේ මැජික් එක වෙන්නේ මේ ඉරි දෙක එකිනෙක කපාගෙන යන (Cross වෙන) තැන් වලදි.
Golden Cross (Buy Signal): නිල් පාට ඉර, තැඹිලි පාට ඉර කපාගෙන පහළ ඉඳන් උඩට (Cross Up) යනවා නම්, ඒකෙන් කියන්නේ "Price එක ඉහළ යන්න පටන් ගන්නවා" කියලයි. (Buy කරන්න හොඳ Confirmation එකක්).
Death Cross (Sell Signal): නිල් පාට ඉර, තැඹිලි පාට ඉර කපාගෙන උඩ ඉඳන් පහළට (Cross Down) එනවා නම්, ඒකෙන් කියන්නේ "Price එක වැටෙන්න පටන් ගන්නවා" කියලයි. (Sell කරන්න හොඳ අවස්ථාවක්).
Pro Tip: Point 01 + Point 02 එකතු කරමු!
අපි කලින් ඉගෙන ගත්ත RSI එකයි, අද ඉගෙන ගත්ත MACD එකයි එකතු කළාම තමයි නියම Entry එක හැදෙන්නේ.
උදාහරණයක්: Market එක Support එකක තියෙනවා. RSI එක 30 ට අඩුයි (Oversold). ඊට පස්සෙම, MACD එකේ නිල් ඉර උඩට Cross වෙනවා.
අන්න එතන තමයි Perfect Buy Entry එක!
Market එකේ "ගෙදර" තට්ටු මාරු වෙන්නේ කොහොමද? Trading වල අත්තිවාරම: Support & Resistance!
අද කතා කරන්නේ Technical Analysis වල තියෙන වැදගත්ම පාඩම ගැන. ඒ තමයි Support & Resistance.
මේක තේරුම් ගන්න Chart දිහා බලන්න ඕන නෑ. නිකන් හිතන්න ඔයා ඉන්නේ තට්ටු දෙකේ ගෙදරක කාමරයක් ඇතුලේ කියලා. අතේ තියෙනවා රබර් බෝලයක්.
Support (ගෙදර පොළව / Floor): ඔයා අතේ තියෙන බෝලේ බිමට අත ඇරියොත් මොකද වෙන්නේ? ඒක පොළවේ වැදිලා ආපහු උඩ යනවා. ඇයි? පොළවෙන් ඒකට පහළට යන්න ඉඩ දෙන්නේ නැති නිසා.
Trading වලදී: Price එක පහළට වැටීගෙන එද්දී, යම් කිසි මිල මට්ටමකදී ගැනුම්කරුවන් (Buyers) විශාල පිරිසක් ඉන්නවා. එයාලා Price එකට තවත් පහළ යන්න නොදී අල්ලගන්නවා. අන්න ඒකට අපි කියනවා Support එකක් කියලා. (Buy කරන්න බලන්න ඕන මෙතනදී).
Resistance (ගෙදර වහල / Ceiling): දැන් අර බිම වැදිලා උඩ ගියපු බෝලේ ඊළඟට වදින්නේ වහලේ (Ceiling). වහලේ වැදුනු ගමන් බෝලේ ආපහු බිමට එනවා.
Trading වලදී: Price එක ඉහළට යද්දී, යම් කිසි තැනකදී විකුණන අය (Sellers) බලන් ඉන්නවා. එයාලා Price එකට තවත් උඩට යන්න දෙන්නේ නෑ. අන්න ඒක Resistance එකක්. (Sell කරන්න බලන්න ඕන මෙතනදී).
කොහොමද මේවා Chart එකේ හොයාගන්නේ?
මේක හරිම ලේසියි. ඔයාගේ TradingView Chart එක අරගෙන බලන්න Price එක එකම තැනක වැදිලා කී පාරක් හැරිලා තියෙනවද කියලා.
Support අඳින්න: Price එක පහළට ඇවිත්, එකම තැනක වැදිලා (V අකුර වගේ) කීප සැරයක් උඩ ගිහින් තියෙන තැන් යා කරන්න. Resistance අඳින්න: Price එක උඩට ගිහින්, එකම තැනක වැදිලා (A අකුර වගේ) කීප සැරයක් පහළට වැටුනු තැන් යා කරන්න.
වැදගත්ම රහස (The Breakout):
හිතන්න ඔයා අර රබර් බෝලෙට හයියෙන් ගැහුවා කියලා. එතකොට සමහරවිට වහලෙත් කඩාගෙන බෝලේ ඊළඟ තට්ටුවට යන්න පුළුවන්. අන්න ඒ වෙලාවට "පරණ වහල, අලුත් පොළව වෙනවා."
ඒ කියන්නේ, Resistance එකක් කැඩුවම, ඒක ඊළඟට Support එකක් විදියට වැඩ කරනවා. අපි Trade එකක් ගන්න හොඳම වෙලාව අන්න ඒකයි!
දැන් අපේ Strategy එක බලන්න:
Price එක Support එකක් ළඟට එනකම් ඉන්න. (Location)
RSI එක 30 ට අඩුද බලන්න. (Momentum)
MACD එක Cross වෙනවද බලන්න. (Confirmation)
මේ 3 ම හරි නම්, බය නැතුව Trade එක ගන්න පුළුවන්!
බොරු Breakout වලට අහුවෙන්න එපා! වාහනේට පෙට්‍රල් (Volume) තියෙනවද බලන්න!
ඔයා කවදාහරි Support/Resistance එකක් කැඩුවා කියලා Trade එකක් අරගෙන, ටිකකින් Price එක ආපහු පරණ තැනටම ඇවිත් Loss වෙලා තියෙනවද? (Fakeout).
මේකට ප්‍රධානම හේතුව තමයි අපි Volume එක නොබැලීම.
Volume කියන්නේ මොකක්ද? සරලවම හිතන්න: Price (මිල) = වාහනය Volume = වාහනේ තෙල් (Petrol/Energy)
වාහනයක් කන්දක් නගින්න (Price එක උඩට යන්න) නම් අනිවාර්යයෙන්ම ඒකට හොඳට තෙල් (Volume) තියෙන්න ඕන. එහෙම නැතුව වාහනේ කන්දක් නැග්ගොත් මොකද වෙන්නේ? ඒක භාගයක් දුර ගිහින් ආපහු පල්ලෙහාට රෝල් වෙනවා.
අන්න ඒ වගේ තමයි Market එකත්!
කොහොමද Volume පාවිච්චි කරන්නේ?
ඔයාගේ Chart එකේ පහළින්ම තියෙන උස, කොට කණු පේළිය තමයි Volume Bars කියන්නේ.
True Breakout (ඇත්ත කැඩීමක්): Price එක Resistance එකක් කඩාගෙන උඩට යන වෙලාවේ, පහළින් තියෙන Volume Bar එකත් අනිත් ඒවාට වඩා ලොකු උස Bar එකක් නම්, ඒකෙන් කියන්නේ "ඔව්, වාහනේට හොඳට තෙල් තියෙනවා, මේ ගමන ඇත්ත එකක්" කියලයි. (Buy කරන්න පුළුවන්).
False Breakout / Trap (රැවටීමක්): Price එක Resistance එක කැඩුවට, පහළින් තියෙන Volume Bar එක හරිම පොඩියි නම්, පරිස්සම් වෙන්න! මේක හරියට තෙල් නැතුව කන්ද නගිනවා වගේ වැඩක්. ඕනම වෙලාවක Price එක ආපහු කඩාගෙන වැටෙන්න පුළුවන්. (Trade කරන්න එපා).
ඇක්සිඩන්ට් එකක් වුනොත් බේරෙන්නේ කොහොමද? Trading ජීවිතේ Seatbelt එක: Stop Loss!
අපි කොච්චර හොඳට Analyze කළත්, Indicators 100 ක් බැලුවත්, Trading වලදී 100% ක් හරියන්නේ නෑ. ලෝකේ හොඳම Trader ට වුනත් වරදින වෙලාවල් තියෙනවා.
ඉතින් වැරදුනු වෙලාවට අපිව බේරගන්නේ කවුද? එතනදි තමයි Stop Loss (SL) එක ඕන වෙන්නේ.
සරලවම හිතන්න: ඔයා වාහනයක Seatbelt දාන්නේ "අද මම අනිවාර්යයෙන්ම හැප්පෙනවා" කියලා හිතාගෙනද? නෑනේ. හැබැයි, "බැරිවෙලාවත් හැප්පුනොත්, මගේ ජීවිතේ බේරගන්න" තමයි Seatbelt දාන්නේ.
Trading වලදිත් එහෙමයි. අපි හිතන පැත්තට මාකට් එක නොගිහින්, විරුද්ධ පැත්තට ගියොත්, "පොඩි පාඩුවකින් අපිව එළියට විසි කරන්න" කියලා අපි දාන නියෝගය තමයි Stop Loss කියන්නේ.
ඇයි ගොඩක් අය Stop Loss දාන්නේ නැත්තේ?
ගොඩක් අලුත් අය හිතනවා "Stop Loss දැම්මම මගේ සල්ලි කැපෙනවා, ඒ නිසා මම දාන්නේ නෑ. මාකට් එක ආපහු හැරෙයිනේ" කියලා.
මේක තමයි ලොකුම වැරැද්ද! Stop Loss නැතුව Trade කරනවා කියන්නේ, ගලක් තියන්නේ නැතිව වාහනයක් කන්දක් මුදුනේ නවත්තනවා වගේ වැඩක්. එක පාරක් ලිස්සලා ගියොත්, නවතින්නේ ඔයාගේ Account එක "0" (Zero) වුනාට පස්සේ.
Golden Rule: 1:2 Risk Reward Ratio
Stop Loss දාන්න ඕන නිකන්ම නෙවෙයි. ගණිතමය ක්‍රමයකට. සරල නීතියක් තියෙනවා: "රුපියලක් නැතිවෙන්න ඉඩ තියලා, රුපියල් දෙකක් හොයන්න."
Risk (Stop Loss): $10 පාඩු වුනොත් ඔයා Trade එකෙන් අයින් වෙනවා. Reward (Take Profit): $20 ලාභ වුනොත් ඔයා Profit ගන්නවා.
මේ විදියට කළොත්, ඔයා දාන Trade 10 න් 5 ක් වැරදුනත්, අන්තිමට ඔයා ඉන්නේ ලාභෙක!
මතක තියාගන්න: "Stop Loss එකක් කියන්නේ ඔයාගේ හතුරෙක් නෙවෙයි, ඔයාගේ මුදල් ආරක්ෂා කරන යාළුවෙක්."
උඩු ගම් බලා පීනන්න එපා! Trend එකත් එක්ක ලේසියෙන් Profit කරන හැටි.
ඔයා කවදාහරි අහලා තියෙනවද "Trend is your Friend" (Trend එක ඔයාගේ යාළුවා) කියලා කියමනක්? මේක තමයි Trading වල රන් නීතිය.
නිකන් හිතන්න, ලොකු ගඟක් වේගයෙන් පහළට ගලනවා. ඔයාට ඒකේ පීනන්න ඕන නම් ලේසිම දේ මොකක්ද?
ගඟ ගලන පැත්තට පීනන එකද?
ගඟට විරුද්ධව උඩට පීනන එකද?
Trading වලදිත් එච්චරයි. Market එක යන්නේ ප්‍රධාන Trend 3 කට විතරයි.
Uptrend (ඉහළට): මිල දිගින් දිගටම ඉහළ යනවා (Higher Highs හැදෙනවා). මේ වෙලාවට අපි කරන්න ඕන BUY විතරයි. Downtrend (පහළට): මිල දිගින් දිගටම පහළ යනවා (Lower Lows හැදෙනවා). මේ වෙලාවට අපි කරන්න ඕන SELL විතරයි. Sideways (පැත්තට): මිල එකම රේන්ජ් එකක උඩ පහළ යනවා. මේ වෙලාවට Trade නොකර ඉන්න එක තමයි නුවණට හුරු.
Trend එක හොයාගන්නේ කොහොමද? Indicators ඕන නෑ. නිකන් Chart එක දිහා බැලුවම ඔයාට පේනවා නම් Chart එක පටන් ගත්තු තැනට වඩා දැන් තියෙන තැන ගොඩක් උඩ නම්, ඒක Uptrend එකක්.
වැදගත්ම දේ: ඔයා දකින Trend එක Uptrend එකක් නම්, RSI එකෙන් හෝ වෙන Indicator එකකින් "Sell" සිග්නල් ආවට Sell කරන්න යන්න එපා. මොකද ඔයා ඒ යන්නේ ගඟට විරුද්ධව.
"Trend එකත් එක්ක යන තාක් කල්, ඔයා ආරක්ෂිතයි!"
පාර හොයන්න කලින් සිතියම දිග ඇරලා බැලුවද? Time Frames හරියට පාවිච්චි කරමු!
අපේ Trading Series එකේ අංක 07.
ඔයා Google Maps වලින් පාරක් හොයද්දි කෙලින්ම වහලවල් පේන සයිස් එකට (Street View) Zoom කරගෙනද පාර හොයන්නේ? නෑනේ. මුලින්ම මුළු පළාතම බලාගන්න Zoom Out කරනවා නේද?
Trading වලදිත් අපි කරන්න ඕන ඕකමයි. ගොඩක් අය කරන්නේ විනාඩි 15 (15m) Chart එක අස්සේ රිංගගෙන මුළු ලෝකෙම දකින්න හදන එක. ඒක වැරදියි!
Top-Down Analysis (ඉහළ සිට පහළට) රහස:
අපි හැමවෙලේම Chart එක බලන්න පටන් ගන්න ඕන ලොකු කාල රාමුවකින්.
The Boss (Daily / 4H Chart): මුලින්ම බලන්න ඕන ලොකු Time Frame එක. මේකෙන් තමයි තීරණය කරන්නේ "අපි අද යන්නේ උඩටද පහළටද?" කියලා. ලොකු Chart එක කියන දේ තමයි අන්තිමට වෙන්නේ. (Trend Direction).
The Worker (15m / 5m Chart): ලොකු Chart එකෙන් දිශාව හොයාගත්තට පස්සේ, අපි පොඩි Chart එකට එන්නේ හරියටම "Entry එක ගන්න තැන" බලාගන්න විතරයි. (Entry Point).
ප්‍රායෝගික උදාහරණයක්:
හිතන්න පැය 4 (4H) Chart එකේ තියෙන්නේ Uptrend (ඉහළට) එකක් කියලා.
හැබැයි ඔයා විනාඩි 15 (15m) Chart එකට එද්දී ඒකේ පෙන්නනවා "Sell" කරන්න කියලා.
දැන් මොකද කරන්නේ? උත්තරේ: Trade නොකර ඉන්න. මොකද 4H එක (Boss) කියන දේට 15m එක (Worker) විරුද්ධයි.
කවදද Trade කරන්නේ? 4H එකත් Up වෙලා, 15m එකත් Up වෙන වෙලාව එනකම් ඉවසන්න. අන්න එදාට ඔයාගේ Trade එක Profit වෙන්න තියෙන චාන්ස් එක 90% යි!
දාන හැම Trade එකම හරියන්න ඕනද? පිස්සුද! භාගයක් වැරදුනත් ලාභ ගන්න හැටි.
ඔයා හිතන් ඉන්නවා නම් සාර්ථක Trader කෙනෙක් වෙන්න දාන දාන Trade එක Win කරන්න ඕන කියලා, ඒක ලොකු වැරදි මතයක්.
ලෝකේ හොඳම Traders ලගේ Win Rate එකත් සමහර වෙලාවට 50% - 60% වගේ. ඒ කියන්නේ Trade 10 ක් දැම්මොත් 4 ක් හෝ 5 ක් වරදිනවා.
එහෙනම් එයාලා කොහොමද දිගටම Profit කරන්නේ? උත්තරේ: Risk to Reward Ratio (RRR).
මොකක්ද මේ 1:2 නීතිය?
අපි Trade එකක් දාන හැම වෙලාවෙම අපේ ඉලක්කය වෙන්න ඕන: "රුපියලක් නැතිවෙන්න ඉඩ තියලා (Risk), රුපියල් දෙකක් හොයන්න ට්‍රයි කරන එක (Reward)."
අපි පොඩි ගාණක් හදල බලමු:
ඔයා Trade 10 ක් දානවා. හැම Trade එකකම Risk එක $10 යි, Reward එක $20 යි (1:2 Ratio).
ඔයාගේ Trade 5 ක් වරදිනවා (Loss): 5 x $10 = $50 පාඩුයි.
ඔයාගේ Trade 5 ක් හරියනවා (Win): 5 x $20 = $100 ලාභයි.
අන්තිම ප්‍රතිඵලය: $100 (ලාභ) - $50 (පාඩු) = $50 ක ශුද්ධ ලාභයක්!
දැක්කනේ? ඔයා භාගෙට භාගයක්ම ෆේල් වෙලත්, අන්තිමට ගෙදර යන්නේ සල්ලි අරගෙන. ඒක තමයි මේකේ මැජික් එක.
Rule: කවදාවත් Risk එකට වඩා Reward එක අඩු Trade ගන්න එපා. (උදාහරණයට $10 ක් හොයන්න $20 ක් පරදුවට තියන්න එපා).
හොඳටම අව්ව තිබිලා එකපාරටම වැස්සොත්? Chart එක පැත්තකින් තියන්න වෙන වෙලාවල්!
අපි දන්නවා ඔයා දැන් RSI, MACD, Support & Resistance ඔක්කොම දන්නවා. හැබැයි ඔයා දන්නවද ලෝකේ සමහර වෙලාවල් තියෙනවා මේ Technical Analysis මුකුත්ම වැඩ කරන්නේ නැති?
ඒ තමයි High Impact News (ලොකු ප්රවෘත්ති) එන වෙලාවල්.
සරලව හිතන්න: ඔයා දක්ෂ රියදුරෙක් වෙන්න පුළුවන්. වාහනේ හොඳයි, පාර හොඳයි. හැබැයි මහා සුළි කුණාටුවක් (Hurricane) එනකොට ඔයා පාරට වාහනේ දානවද? නෑනේ. ගෙදරට වෙලා ඉන්නවා.
Trading වලදිත් එහෙමයි.
CPI (උද්ධමන දත්ත)
NFP (රැකියා දත්ත)
FOMC (පොලී අනුපාත)
මේ වගේ News එන වෙලාවට Market එක පිස්සුවෙන් වගේ උඩ පහළ දුවනවා (High Volatility). එතකොට Support/Resistance මුකුත් වැඩ කරන්නේ නෑ.
කොහොමද මේ කුණාටුවලින් බේරෙන්නේ?
ඔයා Trade කරන්න කලින් අනිවාර්යයෙන්ම Economic Calendar එකක් බලන්න ඕන. (උදාහරණයට Forex Factory හෝ Investing.com).
Red Folder (රතු ෆෝල්ඩරය): කැලැන්ඩරේ රතු පාටින් පෙන්නන News තියෙනවා නම්, ඒ වෙලාවට Trade නොකර ඉන්න එක තමයි හොඳම දේ. කුණාටුව ගියාට පස්සේ පාරට බහින්න.
Pro Tip: උදේට නැගිට්ට ගමන් Chart බලන්න කලින් News බලන්න පුරුදු වෙන්න. ඒක ඔයාගේ සල්ලි ගොඩක් ඉතුරු කරයි!
ඔයාව පරද්දන්නේ Market එක නෙවෙයි, ඔයාමයි! ලොකුම හතුරාව පාලනය කරගමු.
අපේ Trading Series එකේ අංක 10.
අපි පහුගිය දවස් ටිකේ RSI, MACD, Volume, Trend ගැන ඉගෙන ගත්තා. හැබැයි ඔයා දන්නවද? "Trading සාර්ථක වෙන්න Strategy එක බලපාන්නේ 20% යි. ඉතුරු 80% ම තීරණය වෙන්නේ ඔයාගේ Psychology එක (මනස) මත."
ඔයාට Ferrari කාර් එකක් (හොඳම Strategy එක) තිබුණට වැඩක් නෑ, ඩ්‍රයිවර් (ඔයා) බීලා නම් ඉන්නේ (මනස අවුල් නම්), අනිවාර්යයෙන්ම හැප්පෙනවා.
ඔයාව විනාස කරන හැඟීම් 2:
Fear (බය): පොඩි Loss එකක් දැක්ක ගමන් බය වෙලා Trade එක Close කරනවා. නැත්නම් හොඳ Entry එකක් දැක දැකත් "වැරදෙයිද" කියලා බයේ Trade නොදා ඉන්නවා.
Greed (කෑදරකම): Target එකට ආවට පස්සෙත් "තව ටිකක් යයි" කියලා Profit ගන්නේ නැතුව ඉන්නවා. අන්තිමට ඒක Loss එකක් වෙනකම් බලන් ඉන්නවා. නැත්නම් එක පාර ලොකුවට හොයන්න ගිහින් මුළු Account එකම නැති වෙනවා.
සාර්ථක Trader කෙනෙක්ගේ නීති:
Revenge Trading එපා: Loss එකක් වුනාම ඒක අල්ලන්න තරහෙන් තව Trade දාන්න එපා. එදාට නවත්තන්න.
FOMO වෙන්න එපා: Trade එක මිස් වුනා නම් පස්සෙන් දුවන්න එපා. ඊළඟ බස් එක එනකම් ඉන්න.
Robot කෙනෙක් වෙන්න: හැඟීම් පැත්තකින් තියලා, අපි හදාගත්ත Plan එකට (Checklist) විතරක් වැඩ කරන්න.
"ජයග්‍රහණය තියෙන්නේ Chart එකේ නෙවෙයි, ඔයාගේ ඔළුව ඇතුලේ!"
දොර ලඟට ගියාට මදි, දොර අරිනකම් ඉන්න! Trade එක Confirm කරන "Green Light" එක: Candlestick Patterns!
අපි කලින් කතා කළානේ Support & Resistance (තට්ටු) ගැන. ගොඩක් අය කරන වැරැද්දක් තමයි Price එක Support එක ලඟට ආපු ගමන්ම Buy කරන එක.
ඒක හරියට පාර මාරු වෙද්දි වාහන එනවද බලන්නේ නැතුව පනිනවා වගේ වැඩක්.
Support එක ලඟට ආවම, අපි බලන් ඉන්න ඕන "Price එක හැරෙන බව පෙන්නන සිග්නල් එක" (Reversal Signal) එනකම්. අන්න ඒ සිග්නල් එක තමයි Candlestick Patterns.
අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕන ප්‍රබලම Patterns 2 ක් මෙන්න:
Hammer / Pin Bar (මිටිය): මේකේ බොඩිය පොඩියි. හැබැයි පහළට දිග වලිගයක් (Wick) තියෙනවා.
තේරුම: Sellers ලා Price එක පහළට අරන් ගියා, හැබැයි Buyers ලා ඇවිත් ඒක ආපහු උඩට තල්ලු කළා. (Strong Buy Signal).
තියෙන්න ඕන තැන: Support Level එකක් උඩ විතරයි!
Engulfing Pattern (ගිලගැනීම): පොඩි රතු පාට Candle එකකට පස්සේ, ඊට වඩා ලොකු කොළ පාට Candle එකක් හැදිලා අර රතු එක සම්පූර්ණයෙන්ම වහගන්නවා (Cover කරනවා).
තේරුම: දැන් Sellers ලට වඩා Buyers ලා බලවත් වෙලා ඉවරයි. Trend එක මාරු වෙන්න යන්නේ.
තියෙන්න ඕන තැන: Market එක පහළ ගිහින් හැරෙන්න හදන තැනක.
The Golden Rule (රන් නීතිය):
Candle Pattern එකක් දැක්ක පලියට Trade කරන්න එපා! Support/Resistance + Candle Pattern = Perfect Entry
උදාහරණයක්: Price එක Support එකට එනකම් ඉවසන්න. ආවට පස්සේ Hammer එකක් හෝ Engulfing එකක් හැදෙනකම් ඉවසන්න. අන්න එතකොට තමයි ඔයාගේ Trade එක ෂුවර්!
ඔයා වැඩියෙන්ම කැමති මොන Pattern එකටද? Hammer ද? Engulfing ද?
Chart එකේ හැංගිලා තියෙන "W" සහ "M" අකුරු දැකලා තියෙනවද?
අපි කලින් තනි (Candlestick) සිග්නල් ගන්න හැටි ඉගෙන ගත්තා. හැබැයි සමහර වෙලාවට Market එක අපිට ලොකු පින්තූරයක් අඳිලා පෙන්නනවා. අපි ඒවාට කියන්නේ Chart Patterns කියලා.
මේවා හරියටම අඳුරගත්තොත්, ඔයාට ලොකු Move එකක් අල්ලගන්න පුළුවන්. අද අපි ලේසිම සහ බලගතුම Patterns 2 ක් බලමු.
Double Bottom (W අකුර) - Buy Signal Market එක පහළට එද්දී, එකම Support level එකේ දෙපාරක් වැදිලා (හරියට ඉංග්‍රීසි 'W' අකුර වගේ හැඩයක් හැදිලා) උඩට යනවා නම්, ඒකෙන් කියන්නේ: "Sellers ලා දෙපාරක්ම ට්‍රයි කළා පහළට යන්න, ඒත් බැරි වුනා. දැන් Buyers ලා වැඩේ අතට අරන්." කරන්න ඕන දේ: W අකුරේ මැද කොටස (Neckline) කැඩුවම Buy කරන්න.
Double Top (M අකුර) - Sell Signal Market එක උඩට යද්දී, එකම Resistance level එකේ දෙපාරක් වැදිලා (හරියට ඉංග්‍රීසි 'M' අකුර වගේ හැඩයක් හැදිලා) පහළට එනවා නම්, ඒකෙන් කියන්නේ: "Buyers ලා දෙපාරක්ම ට්‍රයි කළා උඩට යන්න, ඒත් බැරි වුනා. දැන් Price එක වැටෙන්න ලඟයි." කරන්න ඕන දේ: M අකුරේ මැද කොටස (Neckline) කැඩුවම Sell කරන්න.
වැදගත් රහසක්: මේ Patterns වැඩ කරන්න නම්, ඒවා හැදෙන්න ඕන නියමිත තැන විතරයි.
Double Bottom ('W') එකක් වැඩ කරන්නේ Downtrend එකක් අවසානයේ විතරයි.
Double Top ('M') එකක් වැඩ කරන්නේ Uptrend එකක් මුදුනේ විතරයි.
ඔයා Chart එකේ මේ වගේ අකුරු දැකලා තියෙනවද? ඊළඟ පාර Chart එක බලද්දි පොඩ්ඩක් මේ ගැනත් අවධානයෙන් බලන්න.
Chart එකේ මැවෙන Head and Shoulder Pattern එක දැකලා තියෙනවද?
අපි කලින් W සහ M අකුරු ගැන කතා කළානේ. අද කතා කරන්නේ Chart Patterns වල රජ්ජුරුවෝ ගැන. ඒ තමයි Head and Shoulders (H&S) Pattern එක.
මේක හරියටම මනුස්සයෙක්ගේ ඔළුවයි, උරහිස් දෙකයි වගේ පේන නිසා තමයි මේ නම දාලා තියෙන්නේ. මේක දැක්කොත් ගොඩක් වෙලාවට ලොකු Trend Change එකක් බලාගන්න පුළුවන්.
මේක හැදෙන්නේ මෙහෙමයි:
Left Shoulder (වම් උරහිස): Price එක උඩට ගිහින් පොඩ්ඩක් පහළට එනවා.
Head (ඔළුව): ඊට පස්සේ Price එක ආපහු උඩට යනවා කලින්ටත් වඩා ඉහළට (Highest Point).
Right Shoulder (දකුණු උරහිස): ආපහු පහළට ඇවිත් උඩට යන්න හැදුවට, කලින් ගියපු උස (Head) තරම් යන්න බැරි වෙනවා.
මේකේ තේරුම මොකක්ද? Buyers ලා තුන් පාරක්ම ට්‍රයි කළා Market එක උස්සන්න.
පළවෙනි පාර පුළුවන් වුනා (වම් උරහිස).
දෙවෙනි පාර ඊට වඩා උඩට ගෙනාවා (ඔළුව).
හැබැයි තුන්වෙනි පාර එයාලට කලින් තරම්වත් උඩට යන්න බැරි වුනා (දකුණු උරහිස). ඒ කියන්නේ Buyers ලා දුර්වල වෙලා, Sellers ලා ගේම අතට අරන්!
Trade කරන්නේ කොහොමද?
මේ මනුස්ස රූපයේ බෙල්ල හරියට අපි කියනවා "Neckline" එක කියලා. කවදද Price එක මේ Neckline එක කඩාගෙන පහළට එන්නේ, අන්න එතන තමයි SELL කරන්න තියෙන හොඳම තැන!
Inverse Head and Shoulders (අනිත් පැත්ත) මේකෙම අනිත් පැත්ත (ඔළුවයි උරහිස් දෙකයි බිම බලාගෙන තිබ්බොත්), ඒක BUY සිග්නල් එකක්! (මේක හැදෙන්නේ Market එක වැටෙනකොට).
Chart එකේ මේ Pattern එක හොයාගත්තොත්, ඔයාටත් ගොඩ යන්න පුළුවන්!
මාකට් එකේ ලෙල දෙන කොඩි දැකලා තියෙනවද? Trend එක දිගටම යන බව කියන "Bull Flag" සහ "Bear Flag"!
අපි කලින් කතා කළේ Trend එක මාරු වෙන හැටි (Reversal) ගැනනේ. හැබැයි සමහර වෙලාවට මාකට් එක පොඩි විවේකයක් (Rest) අරගෙන, ආපහු තිබ්බ පැත්තටම වේගෙන් යන්න පටන් ගන්නවා.
අන්න ඒ වෙලාවට හැදෙන Pattern එකට තමයි අපි "Flag Pattern" (කොඩිය) කියන්නේ. මේක දැක්කොත් බය වෙන්න එපා, Trend එක තාම ඉවර නෑ!
මේකේ අවස්ථා 2යි:
Bull Flag (ඉහළට යන කොඩිය) - Buy Signal
Pole (කොඩි ගහ): Price එක එකපාරටම වේගෙන් උඩට යනවා (ලොකු කොළ කණු).
Flag (කොඩිය): ඊට පස්සේ පොඩ්ඩක් හිමින් පහළට හෝ පැත්තට යනවා (Consolidation).
Breakout: අන්තිමට කොඩිය කඩාගෙන ආපහු වේගෙන් උඩටම යනවා. කරන්න ඕන දේ: කොඩිය උඩට කඩන (Breakout) වෙලාවේ BUY කරන්න.
Bear Flag (පහළට යන කොඩිය) - Sell Signal
Pole (කොඩි ගහ): Price එක එකපාරටම වේගෙන් පහළට වැටෙනවා (ලොකු රතු කණු).
Flag (කොඩිය): ඊට පස්සේ පොඩ්ඩක් හිමින් උඩට හෝ පැත්තට යනවා.
Breakout: අන්තිමට කොඩිය කඩාගෙන ආපහු වේගෙන් පහළටම වැටෙනවා. කරන්න ඕන දේ: කොඩිය පහළට කඩන (Breakout) වෙලාවේ SELL කරන්න.
මතක තියාගන්න: Flag එකක් කියන්නේ මාකට් එක ඊළඟ පිම්ම පනින්න ගන්න "හුස්ම ගැනීමක්" විතරයි. ඒ හුස්ම අරන් ඉවර වුන ගමන් යන්නේ කලින් ගියපු පැත්තටමයි!
ඔයා දැකලා තියෙනවද Chart එකේ මේ වගේ කොඩි ලෙල දෙනවා?
මාකට් එක Spring එකක් වගේ තද වෙන හැටි! ත්‍රිකෝණ (Triangles) වලින් Breakout එක අල්ලමු.
අපි කලින් කොඩි (Flags) ගැන කතා කළා. අද කතා කරන්නේ Price එක හිර වෙලා, පුපුරන්න ලෑස්ති වෙන තැනක් ගැන. ඒ තමයි Triangles (ත්‍රිකෝණ).
මේකෙදි වෙන්නේ Price එක ටිකෙන් ටික පටු රේන්ජ් එකකට (Narrow Range) හිර වෙන එක. හරියට දුන්නක් (Spring) තද කරනවා වගේ. තද කරලා අත ඇරියම මොකද වෙන්නේ? වේගෙන් විසි වෙනවා!
අපි දැනගන්න ඕන ප්‍රධාන ත්‍රිකෝණ 3ක් තියෙනවා:
Ascending Triangle (ඉහළට යන ත්‍රිකෝණය) - Bullish
උඩ: තිරස් ඉරක් (Flat Resistance). Buyers ලා එකම තැනක හැප්පෙනවා.
යට: ඉහළට යන ඉරක් (Higher Lows). Buyers ලා ටික ටික උඩට තල්ලු කරනවා.
තේරුම: Buyers ලා දොර කඩන්න ලෑස්තියි. උඩ ඉර කැඩුවොත් BUY කරන්න.
Descending Triangle (පහළට යන ත්‍රිකෝණය) - Bearish
යට: තිරස් ඉරක් (Flat Support). Sellers ලා එකම තැනක හැප්පෙනවා.
උඩ: පහළට එන ඉරක් (Lower Highs). Sellers ලා ටික ටික පහළට තල්ලු කරනවා.
තේරුම: Sellers ලා බිම කඩන්න ලෑස්තියි. යට ඉර කැඩුවොත් SELL කරන්න.
Symmetrical Triangle (සමචතුරස්‍ර ත්‍රිකෝණය) - Neutral
උඩ ඉරයි යට ඉරයි දෙකම මැදට එකතු වෙනවා.
තේරුම: මේකෙදි කාටවත් වාසියක් නෑ. දෙගොල්ලොම සමබරයි.
කරන්න ඕන දේ: මේක පුපුරන්නේ කොයි පැත්තටද කියලා කියන්න බෑ. ඒ නිසා Breakout එක වෙන පැත්ත බලලා Trade එක ගන්න.
Pro Tip: ත්‍රිකෝණයක් ඇතුලේ කවදාවත් Trade කරන්න එපා! මොකද එතන Price එක හිර වෙලා තියෙන්නේ. ඉවසලා ඉඳලා, ත්‍රිකෝණයෙන් එළියට පැන්නම (Breakout) විතරක් Trade එක ගන්න.
Chart එකේ ත්‍රිකෝණ අඳින්න පුරුදු වෙන්න. ලොකු Move එකක් මිස් වෙන්නේ නෑ!
මාකට් එක Spring එකක් වගේ තද වෙන හැටි! ත්‍රිකෝණ (Triangles) වලින් Breakout එක අල්ලමු.
අපි කලින් කොඩි (Flags) ගැන කතා කළා. අද කතා කරන්නේ Price එක හිර වෙලා, පුපුරන්න ලෑස්ති වෙන තැනක් ගැන. ඒ තමයි Triangles (ත්‍රිකෝණ).
මේකෙදි වෙන්නේ Price එක ටිකෙන් ටික පටු රේන්ජ් එකකට (Narrow Range) හිර වෙන එක. හරියට දුන්නක් (Spring) තද කරනවා වගේ. තද කරලා අත ඇරියම මොකද වෙන්නේ? වේගෙන් විසි වෙනවා!
අපි දැනගන්න ඕන ප්‍රධාන ත්‍රිකෝණ 3ක් තියෙනවා:
Ascending Triangle (ඉහළට යන ත්‍රිකෝණය) - Bullish
උඩ: තිරස් ඉරක් (Flat Resistance). Buyers ලා එකම තැනක හැප්පෙනවා.
යට: ඉහළට යන ඉරක් (Higher Lows). Buyers ලා ටික ටික උඩට තල්ලු කරනවා.
තේරුම: Buyers ලා දොර කඩන්න ලෑස්තියි. උඩ ඉර කැඩුවොත් BUY කරන්න.
Descending Triangle (පහළට යන ත්‍රිකෝණය) - Bearish
යට: තිරස් ඉරක් (Flat Support). Sellers ලා එකම තැනක හැප්පෙනවා.
උඩ: පහළට එන ඉරක් (Lower Highs). Sellers ලා ටික ටික පහළට තල්ලු කරනවා.
තේරුම: Sellers ලා බිම කඩන්න ලෑස්තියි. යට ඉර කැඩුවොත් SELL කරන්න.
Symmetrical Triangle (සමචතුරස්‍ර ත්‍රිකෝණය) - Neutral
උඩ ඉරයි යට ඉරයි දෙකම මැදට එකතු වෙනවා.
තේරුම: මේකෙදි කාටවත් වාසියක් නෑ. දෙගොල්ලොම සමබරයි.
කරන්න ඕන දේ: මේක පුපුරන්නේ කොයි පැත්තටද කියලා කියන්න බෑ. ඒ නිසා Breakout එක වෙන පැත්ත බලලා Trade එක ගන්න.
Pro Tip: ත්‍රිකෝණයක් ඇතුලේ කවදාවත් Trade කරන්න එපා! මොකද එතන Price එක හිර වෙලා තියෙන්නේ. ඉවසලා ඉඳලා, ත්‍රිකෝණයෙන් එළියට පැන්නම (Breakout) විතරක් Trade එක ගන්න.
Chart එකේ ත්‍රිකෝණ අඳින්න පුරුදු වෙන්න. ලොකු Move එකක් මිස් වෙන්නේ නෑ!
MSNR - Market Structure
පාර දන්නෙ නැතුව කොහෙද යන්නෙ? (The Trading Map: MSNR)
ඔයා කවදාහරි නොදන්නා නගරෙක, මැප් එකක් නැතුව අතරමං වෙලා තියෙනවද? වටේම පාරවල්, බිල්ඩින්ස්... ඒත් කොහෙට යන්නද කියලා අදහසක් නෑ. බය හිතෙනවා නේද?
ගොඩක් අය ට්‍රේඩින් චාට් එක ඉස්සරහට ගියාමත් වෙන්නේ ඕකමයි. කැන්ඩ්ල්ස් උඩ යනවා, යට යනවා. Indicators දාගන්නවා. සිග්නල් බලනවා. ඒත් අන්තිමට වෙන්නේ ලොස් වෙන එක.
ඇයි ඒ? සරලයි. ඔයාට මාකට් එකේ "සිතියම" (Map) කියවන්න බෑ.
අද ඉඳන් අපි පටන් ගන්න මේ පාඩම් මාලාවෙන් (Masterclass) අපි ඒ සිතියම කියවන්න උත්සාහ කරමු. ඒකේ නම තමයි MSNR.
මොකක්ද මේ MSNR?
මේක තමයි ට්‍රේඩින් ලෝකයේ "කොඳු නාරටිය".
MS = Market Structure (වෙළඳපල ව්‍යුහය) මේක හරියට පාරේ දිශාව වගේ. මාකට් එක යන්නේ උඩටද (Uptrend), පහළටද (Downtrend), නැත්නම් එකතැනද (Consolidation) කියලා පෙන්නන මාලිමාව.
SNR = Support & Resistance (ආධාරක සහ ප්‍රතිරෝධක) මේවා හරියට පාරේ තියෙන බස් හෝල්ට්, ජංෂන් වගේ. මිල ඇවිල්ලා නවතින, හැරෙන ප්‍රධාන තැන් (Key Levels).
ඇයි මේක වැදගත්?
ඔයා SMC කරන්න, ICT කරන්න, Indicators පාවිච්චි කරන්න. ඒ මොනවා කළත්, ඔයාට මේ MSNR කියන "අත්තිවාරම" නැත්නම්, ඔයා හදන බිල්ඩින් එක කඩාගෙන වැටෙනවා.
මේක තමයි ආරම්භය. අපි ඉස්සරහට මේකේ ගැඹුරටම යමු. ලෑස්ති වෙලා ඉන්න! අපි "චාට් එකේ හෝඩිය" (Swing Points) ඉගෙන ගමු.
චාට් එකේ භාෂාව ඉගෙන ගමු (The Swing Points Explained)
MSNR මුලික දැනුම පාඩම් - 02
අපි පොතක් කියවන්න අකුරු දැනගන්න ඕන වගේම, චාට් එක කියවන්නත් අපිට "Swing Points" දැනගන්න වෙනවා. චාට් එකක් කවදාවත් අහසට ඉනිමගක් තිබ්බා වගේ කෙලින් යන්නේ නෑ. ඒක යන්නේ මුහුදේ රැලි වගේ. උඩට යනවා, ආයේ පොඩ්ඩක් පල්ලෙහාට එනවා, ආයේ උඩට යනවා.
අන්න ඒ හැරෙන තැන් වලට අපි කියන නම් ටික හරියටම ඔළුවට දාගමු.
1. මූලික ස්ථාන දෙක:
High (H): මිල ඉහළ ගිහින් නතර වෙලා පහළට හැරෙන තැන (කන්දක මුදුන වගේ).
Low (L): මිල පහළ ගිහින් නතර වෙලා ඉහළට හැරෙන තැන (පතලක යට වගේ).
2. එකතු වුනාම හැදෙන නම් (The 4 Secret Codes):
HH (Higher High): කලින් හැදුනු High එකට වඩා ඉහළින් අලුත් High එකක් හැදුනොත්, ඒක Higher High එකක්. (තේරුම: බයර්ස්ලා තාම ගැම්මේ ඉන්නවා. මිල තවත් උඩට අරන් ගියා).
HL (Higher Low): මිල පහළට ආවා, හැබැයි කලින් තිබ්බ Low එකට වඩා උඩින් නතර වුනා. (තේරුම: සෙලර්ස්ලා ට්‍රයි කළා, හැබැයි එයාලට පරණ මිලට වඩා පහළට දාගන්න බැරි වුනා).
LL (Lower Low): කලින් තිබ්බ Low එක කඩාගෙන, ඊටත් වඩා පහළින් අලුත් Low එකක් හැදුනා. (තේරුම: සෙලර්ස්ලා ඉතාම බලවත්. මිල තවත් පාත් කළා).
LH (Lower High): මිල උඩට ගියා, හැබැයි කලින් තිබ්බ High එක කඩන්න බැරි වුනා. ඊට පහළින් හැරුනා. (තේරුම: බයර්ස්ලා දුර්වලයි. උඩට යන්න පණ මදි).
මේ අකුරු හතර චාට් එකේ මාක් කරගන්න පුළුවන් නම්, ඔයාට ඊළඟට එන "Trend" එක ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඊළඟ පෝස්ට් එකෙන් බලමු ඒ කොහොමද කියලා!
මාකට් එක යන්නේ කොහෙටද? (Trend Identification Deep Dive)
MSNR මුලික දැනුම පාඩම් - 03
කලින් පෝස්ට් එකේ ඉගෙන ගත්ත HH, HL, LL, LH කෑලි ටික අමුණලා, මාකට් එකේ ලොකු පින්තූරය (Trend) අඳුරගන්නේ කොහොමද? සරලවම Trend වර්ග 3ක් තියෙනවා.
Uptrend (ඉහළ යන වෙළඳපලක්) - The Bull Run මේක හරියට උඩට යන පඩි පෙළක් වගේ.
ලක්ෂණය: මාකට් එක දිගටම HH (Higher Highs) සහ HL (Higher Lows) හදනවා.
Logic: හැම පාරම මිල අලුත් ඉහළකට යනවා (HH), හැබැයි පහළට එද්දි පරණ යටම තැනට එන්නේ නෑ (HL).
Trader's Job: මේ වෙලාවට BUY විතරක්ම හිතන්න. Support වලදී Buy කරන්න. කවදාවත් Sell කරන්න යන්න එපා.
Downtrend (පහළ යන වෙළඳපලක්) - The Bear Run මේක හරියට පඩි පෙළකින් පහළට බහිනවා වගේ.
ලක්ෂණය: මාකට් එක දිගටම LL (Lower Lows) සහ LH (Lower Highs) හදනවා.
Logic: හැම පාරම මිල අලුත් පහළකට වැටෙනවා (LL), උඩට යන්න හැදුවට පරණ උසට යන්න බෑ (LH).
Trader's Job: මේ වෙලාවට SELL විතරක්ම හිතන්න. Resistance වලදී Sell කරන්න.
Consolidation / Ranging (පැත්තක් නැති වෙළඳපලක්) මාකට් එකට පිස්සු වගේ වෙලාව.
ලක්ෂණය: පැහැදිලි HH හෝ LL නෑ. එකම High එකයි එකම Low එකයි අස්සේ බෝලයක් වගේ දුවනවා.
Logic: බයර්ස්ලයි සෙලර්ස්ලයි දෙගොල්ලොම සමාන බලෙන් ගහගන්නවා. කවුරුත් දිනන්නේ නෑ.
Trader's Job: අත තියන්න එපා! මේක අස්සේ ට්‍රේඩ් කරනවා කියන්නේ සල්ලි නැති කරගන්න හොඳම ක්‍රමය. පැත්තක් තීරණය වෙනකම් බලන් ඉන්න.
රන් නීතිය: "Trend is your Friend". ඔයා යන්න ඕන ගඟ ගලන පැත්තට මිසක්, උඩු ගම් බලා පීනන්න නෙවෙයි!
දොර කැඩුවද? එබිලා බැලුවද? (BOS - Break of Structure)
MSNR මුලික දැනුම පාඩම් - 04
Trend එකක් හරියට අඳුරගත්තට පස්සේ, අපිට තියෙන ලොකුම ප්රශ්නය මේකයි: "මේ Trend එක තව ඉස්සරහට යයිද? නැත්නම් දැන්ම හැරෙයිද?" ඒක දැනගන්න අපි බලන්නේ BOS (Break of Structure) එක දිහා.
මොකක්ද මේ BOS කියන්නේ? සරලවම, Uptrend එකකදී මිල ඉහළ ගිහින්, එයාගේ කලින් තිබ්බ High (HH) එක කඩාගෙන ඉහළට යන එකට අපි BOS කියනවා. මේකෙන් කියන්නේ "අපි තාම ශක්තිමත්, අපි තව උඩට යනවා" කියන එකයි.
වැදගත්ම නීතිය: Body Close එක අනිවාර්යයි! ගොඩක් අය වරද්ද ගන්න තැන මේකයි.
Valid BOS (හරි එක): Candle එකේ බොඩි (Body) එකම පරණ High එකට උඩින් Close වෙන්න ඕන. එතකොට තමයි අපි පිළිගන්නේ "ඔව්, දොර කඩාගෙන ගියා" කියලා.
Invalid BOS / Liquidity Grab (වැරදි එක): Candle එකේ නූල (Wick) විතරක් උඩට ගිහින්, බොඩි එක පල්ලෙහායින් Close වුනා නම්, ඒක BOS එකක් නෙවෙයි! ඒ කියන්නේ එයාලා දොර කඩන්න ට්‍රයි කළා, හැබැයි බැරි වුනා. නැත්නම් එයාලා දොරෙන් එබිලා බලලා ආපහු ආවා. මේ වගේ වෙලාවට මාකට් එක රිවර්ස් වෙන්න පුළුවන්.
BOS එකක් දැක්කම මොකද කරන්නේ? BOS එකක් වුනා කියන්නේ Trend එක Continue වෙනවා කියන එක.
එහෙනම් අපි කරන්න ඕන, ඊළඟට එන Pullback එකේදී (මිල පොඩ්ඩක් පල්ලෙහාට එද්දි) අපේ ඊළඟ ට්‍රේඩ් එකට එන්ට්‍රි ගන්න ලෑස්ති වෙන එක.
මතක තියාගන්න: වික් (Wick) වලින් රැවටෙන්න එපා. බොඩි (Body) එක දිහාම බලන්න!
මාකට් එක යූ-ටර්න් (U-Turn) ගහන තැන: CHoCH (Change of Character)
MSNR මුලික දැනුම පාඩම් - 04
අපි කලින් පෝස්ට් වල කතා කළේ කෝච්චිය යන පැත්තටම (Trend එකට) නගින BOS ගැනනේ. ඒත් කෝච්චිය හැරෙන තැන කොතනද? කොතනදිද අපි කියන්නේ "හරි දැන් Uptrend එක ඉවරයි, Downtrend එක පටන් ගත්තා" කියලා?
අන්න ඒ සිග්නල් එකට අපි කියන්නේ CHoCH (Change of Character) කියලා. සිංහලෙන් කියනවා නම් "මාකට් එකේ ගතිගුණය වෙනස් වීම".
CHoCH එකක් අඳුරගන්නේ කොහොමද?
සරලයි. මාකට් එක එයා ආරක්ෂා කරගෙන ආපු අන්තිම බලකොටුව කඩන තැන තමයි මේක.
Uptrend එකක් Downtrend වෙන හැටි (Bearish CHoCH):
මාකට් එක උඩට යද්දි HH සහ HL (Higher Lows) හදාගෙන යනවානේ.
මේ HL තමයි බයර්ස්ලගේ ආරක්ෂක වළල්ල.
කවදාහරි මාකට් එක මේ අන්තිමට හැදුනු HL එක පහළට කඩාගෙන ගිහින් Candle එකක් Close වුනොත්, අන්න එතන CHoCH එකක්.
(තේරුම: බයර්ස්ලට එයාලගේ ආරක්ෂක වළල්ල රැකගන්න බැරි වුනා. සෙලර්ස්ලා බලය අල්ලගත්තා).
Downtrend එකක් Uptrend වෙන හැටි (Bullish CHoCH):
මාකට් එක පහළට යද්දි LL සහ LH (Lower Highs) හදනවා.
මේ LH තමයි සෙලර්ස්ලගේ ආරක්ෂක වළල්ල.
මාකට් එක වේගයෙන් උඩට ඇවිත් අන්තිමට හැදුනු LH එක ඉහළට කඩාගෙන Close වුනොත්, ඒක Bullish CHoCH එකක්.
වැදගත් පාඩම: CHoCH එකක් කියන්නේ Trend එක මාරු වුනා කියන එකේ පළවෙනි සිග්නල් එක විතරයි. ගොඩක් වෙලාවට CHoCH එකකට පස්සේ මාකට් එක ආපහු පොඩ්ඩක් පස්සට එනවා (Pullback). අන්න ඒ වෙලාවේ තමයි අපි එන්ට්‍රි එකක් ගන්න බලන්න ඕන.
දැන් Structure හරි. ඊළඟ පෝස්ට් එකෙන් අපි බලමු මේ හැරෙන තැන් වල අඳින ඉරි (SNR) ගැන!
ඉරක් නෙවෙයි, තාප්පයක්! (SNR Zones & Strong vs Weak Points)
MSNR මුලික දැනුම පාඩම් - 05
Support & Resistance (SNR) ගැන අහලා නැති ට්‍රේඩර් කෙනෙක් නෑනේ. හැබැයි 90% ක් අය මේක අඳින්නේ වැරදියට. එයාලා කරන්නේ චාට් එකේ තනි ඉරක් (Line) අඳිනවා. මිල ඒ ඉරට ආපු ගමන් ට්‍රේඩ් කරනවා. ඊටපස්සේ Stop Loss වදිනවා.
නිවැරදි ක්‍රමය 01: SNR කියන්නේ Zone එකක්. බැංකු වලට එක ඩොට් එකකට මිල ගේන්න බෑ. එයාලා Orders දාන්නේ ප්‍රදේශයකට (Area).
ඒ නිසා, ඔයා Support/Resistance අඳිනකොට, Candle එකේ බොඩි (Body) එකේ ඉඳන් වික් (Wick) එකේ අගටම එනකම් පොඩි කොටුවක් (Zone/Box) අඳින්න. ඒක තමයි තාප්පය.
නිවැරදි ක්‍රමය 02: හයිය තැන් සහ බාල තැන් (Strong vs Weak). හැම High එකක්ම හෝ Low එකක්ම සමාන නෑ.
Strong High/Low (ශක්තිමත්): යම්කිසි High එකකින් හෝ Low එකකින් පටන් ගත්ත මූව් එකක්, ඊට ප්‍රතිවිරුද්ධ පැත්තේ Structure එක කැඩුවා නම් (BOS එකක් කළා නම්), ඒ පටන් ගත්ත තැන මාරම ස්ට්‍රෝන්ග්. (උදා: යම් Low එකකින් ගිහින් කලින් තිබ්බ High එක කැඩුවා නම්, ඒ Low එක Strong Low එකක්. මිල ආයේ එතනට ආවොත් හැරෙන්න චාන්ස් එක වැඩියි).
Weak High/Low (දුර්වල): යම් තැනකින් මාකට් එක හැරුනා, හැබැයි එයාට ප්‍රතිවිරුද්ධ පැත්තේ Structure එක කඩන්න බැරි වුනා නම්, ඒක දුර්වලයි. (මේවා මාකට් එකේ තියෙන්නේ කැඩෙන්නමයි. අපි මේවට Liquidity කියලත් කියනවා. මේවා ගාවදි ට්‍රේඩ් කරන්න යන්න එපා!)
ඔයාගේ චාට් එකේ Strong තැන් විතරක් මාක් කරගන්න පුරුදු වෙන්න. ගේම වෙනස් වෙයි!
වහල බිම වෙන හැටි (The S/R Flip / Role Reversal)
MSNR මුලික දැනුම පාඩම් - 06
ඔයා තට්ටු බිල්ඩින් එකක පළවෙනි මහලේ ඉන්නවා. ඔයාගේ ඔළුවට උඩින් තියෙන්නේ කොන්ක්‍රීට් වහලක් (Resistance). ඔයාට ඒක කඩන්න බෑ. හැබැයි ඔයා කොහොමහරි ඒක කඩාගෙන දෙවැනි මහලට ගියොත්, දැන් අර කලින් වහලට තිබ්බ එක ඔයාගේ පයට පෑගෙන බිම (Support) වෙනවා නේද?
ට්‍රේඩින් වලදිත් වෙන්නේ ඕකමයි. මේකට අපි කියනවා S/R Flip එකක් කියලා. මේක තමයි මාකට් එකේ තියෙන ලේසිම සහ සාර්ථකම Setup වලින් එකක්.
කොහොමද මේක වෙන්නේ? (The Break & Retest)
The Break (කැඩීම): මිල බලවත් Resistance Zone එකක් වෙත එනවා. ඇවිත් වේගයෙන් ඒක කඩාගෙන ඉහළට යනවා (BOS).
The Trap (හිරවීම): අර Resistance එකේදී Sell දාපු අය දැන් පාඩු පිට හිරවෙලා ඉන්නේ.
The Retest (නැවත පැමිණීම): මිල ආපහු අර කඩපු Zone එකටම පහළට එනවා.
The Flip (මාරුවීම): දැන් අර පරණ Sellers ලා එයාලගේ පාඩු කවර් කරගන්න Buy Orders දානවා. අලුත් Buyers ලත් එතනින් Buy කරනවා. එතකොට අර පරණ Resistance එක, අලුත් Support එකක් විදියට වැඩ කරලා මිල ඉහළට විසි කරනවා.
(Downtrend එකකදි මේකේ අනිත් පැත්ත වෙන්නේ: Support එකක් කැඩුනම ඒක Resistance වෙනවා).
මේ "Flip Zones" හොයාගන්න ඇහැ පුරුදු කරගන්න. මේවා සල්ලි මවන මැෂින්!
ලොකු චාට් එකයි පොඩි චාට් එකයි පටලැවිල්ල (Multi-Timeframe Magic)
MSNR මුලික දැනුම පාඩම් - 07
"අයියේ, 4H චාට් එකේ Uptrend පෙන්නනවා. හැබැයි 15m චාට් එකේ Downtrend පෙන්නනවා. මම මොකද කරන්නේ?" මේක තමයි ගොඩක් අයට තියෙන ලොකුම ප්රශ්නය.
මේකට උත්තරේ තමයි "Fractal Nature" එක. ඒ කියන්නේ මාකට් එකේ ලොකු චාට් එක ඇතුලේ පොඩි චාට් හැංගිලා තියෙනවා.
විසඳුම: Top-Down Analysis (ඉහළ සිට පහළට)
අපි හැමතිස්සෙම ලොක්කා කියන දේ අහන්න ඕන. මෙතන ලොක්කා තමයි ලොකු Timeframe එක (HTF).
පියවර 1: ලොකු පින්තූරය (The Big Picture - HTF) ඔයා පාවිච්චි කරන ලොකුම Timeframe එකට යන්න (උදා: 4H හෝ Daily).
ඒකේ Trend එක මොකක්ද? (Uptrend ද? Downtrend ද?)
නීතිය: අපි Trade කරන්නේ මේ ලොකු Trend එකේ දිශාවට විතරයි.
පියවර 2: Entry එක (The Entry - LTF) දැන් පොඩි Timeframe එකට යන්න (උදා: 15m හෝ 5m).
ලොකු චාට් එක Uptrend නම්, පොඩි චාට් එකේ මිල පහළට ඇවිත් (Pullback), ආපහු උඩට හැරෙන තැන (CHoCH එකක් දෙන තැන) තමයි අපේ entry එක.
සරල උදාහරණයක්: 4H චාට් එකේ මිල යන්නේ ඉහළට (Uptrend). හැබැයි ඒක එක දිගට යන්නේ නෑනේ. පොඩ්ඩක් පල්ලෙහාට එනවා (Pullback). අන්න ඒ පල්ලෙහාට එන ටික තමයි ඔයාට 15m චාට් එකේ Downtrend එකක් වගේ පේන්නේ.
එතකොට ඔයා කරන්න ඕන, 15m එකේ Sell කරන එක නෙවෙයි. 15m එකේ ඒ Downtrend එක ඉවර වෙලා ආපහු උඩට හැරෙනකම් (CHoCH වෙනකම්) බලන් ඉඳලා BUY කරන එකයි.
ලොකු චාට් එකෙන් දිශාව ගන්න. පොඩි චාට් එකෙන් එන්ට්‍රි එක ගන්න.
ගණන් අඩුවට බඩු ගමු! (Premium vs Discount Pricing)
MSNR මුලික දැනුම පාඩම් - 08
ඔයා කඩේකට ගිහින් කමිසයක් ගන්නවා. ඒකේ ගාණ රු. 5000 යි. පහුවදා ඔයා දකිනවා ඒකම රු. 2500 ට සේල් දාලා තියෙනවා. ඔයාට මොකද හිතෙන්නේ? අපරාදේ ඊයේ ගත්තේ කියලා හිතෙනවා නේද?
ට්‍රේඩින් වලදිත් අපි කරන්න ඕන "ලාභෙට අරන්, ගණන් උස්සලා විකුණන" එකනේ. ඒත් කොහොමද චාට් එකේ ලාභ තැනයි, ගණන් වැඩි තැනයි හොයාගන්නේ?
මේකට අපි Structure එකයි Fibonacci (ෆිබොනාච්චි) ටූල් එකයි පාවිච්චි කරනවා.
50% නීතිය (The Equilibrium):
මාකට් එකේ හැම Price Swing (පද්දමක්) එකකම මැදක් තියෙනවා (50% ලෙවල් එක).
Discount Zone (ලාභ කලාපය - 50% ට පහළ):
Uptrend එකකදී, අපි Buy කරන්න ඕන මිල මේ 50% ට වඩා පහළට ආවම විතරයි. එතකොට තමයි අපිට "ලාභෙට" බඩු හම්බෙන්නේ.
හොඳම ලෙවල්ස්: 61.8% සහ 78.6% (Deep Discount).
Premium Zone (ගණන් වැඩි කලාපය - 50% ට ඉහළ):
Downtrend එකකදී, අපි Sell කරන්න ඕන මිල 50% ට වඩා ඉහළට ගියාම විතරයි. එතකොට තමයි අපි "ගණන් වැඩි" වෙලාවේ විකුණන්නේ.
පාවිච්චි කරන හැටි:
Uptrend එකකදී: අන්තිමට හැදුනු Strong Low එකේ ඉඳන් High එකට Fib ටූල් එක අඳින්න. 50% ට පල්ලෙහාට එනකම් ඉවසන්න.
Downtrend එකකදී: High එකේ ඉඳන් Low එකට අඳින්න. 50% ට උඩට යනකම් ඉවසන්න.
කවදාවත් Premium එකේදී Buy කරන්න එපා. Discount එකේදී Sell කරන්න එපා.
The Final Blueprint: MSNR වලින් විතරක් ගේම ගහන ප්ලෑන් එක!
MSNR මුලික දැනුම පාඩම් - Final
ඔයා දැන් MSNR එකේ පාඩම් 8 ක් දැනගත්තා. දැන් අපි බලමු මේ ඔක්කොම කැටි කරලා, කොහොමද හරියටම ට්‍රේඩ් එකක් ගන්නේ කියලා. මේක තමයි ඔයාගේ "Trading Checklist" එක.
ට්‍රේඩ් එකක් ගන්න කලින් මේ පියවර 5 අනිවාර්යයෙන්ම සම්පූර්ණ වෙන්න ඕන.
The MSNR Trading Checklist:
පියවර 1: HTF Direction (ලොකු චාට් එකේ දිශාව)
ලොකු Timeframe එකට යන්න (උදා: 4H).
දැනට තියෙන්නේ Uptrend ද? Downtrend ද? (Post 03 බලන්න).
අපි හිතමු 4H Uptrend කියලා.
පියවර 2: Identify Zone (නවතින තැන හොයන්න)
ඒ 4H චාට් එකේම, මිල ඇවිත් නවතින්න පුළුවන් හොඳ Strong Support Zone එකක් හෝ Flip Zone එකක් මාක් කරගන්න (Post 06/07).
Fib එක ඇඳලා බලන්න ඒ Zone එක තියෙන්නේ Discount (50% ට පහළ) area එකේද කියලා (Post 09).
පියවර 3: Patience (ඉවසීම)
දැන් මිල අර ඔයා මාක් කරපු Zone එකට එනකම් ඉවසන් ඉන්න.
පියවර 4: LTF Confirmation (පොඩි චාට් එකේ confirmation එක)
මිල ඔයාගේ Zone එකට ආවට පස්සේ, පොඩි Timeframe එකට යන්න (උදා: 15m).
15m එකේ තාම මිල පහළට එනවා ඇති. ඒක උඩට හැරෙනකම්, ඒ කියන්නේ Bullish CHoCH එකක් දෙනකම් බලන් ඉන්න (Post 05).
පියවර 5: Execution (Trade එක දැමීම)
15m CHoCH එක වුනාට පස්සේ, Buy Order එක දාන්න.
Stop Loss එක අලුතෙන් හැදුනු 15m Low එකට පහළින් තියන්න. Target එක 4H High එක තියන්න.
මේක තමයි සිම්පල්ම සහ පවර්ෆුල්ම MSNR Strategy එක. මේක දවසකට එක පාරක් හරියට සෙට් වුනත් ඇති. ජය!
MSNR vs SMC: වචන වෙනස් වුනාට කතාව එකයි! (The Ultimate Truth)
"එකම දේ SMC එකෙත් තිබුණා මේකෙත් තියෙනවා නේද? ඔයා ඔක්කොම Post දැකපු කෙනෙක් නම් එහෙම හිතෙන්න පුළුවන්. ඔව් එහෙම තිබුනා.! ඇත්තම උත්තරේ දැනගන්න ඕනද?
මේ දෙකම එකයි! වෙනස තියෙන්නේ නම් වල විතරයි.
SMC කියන්නේ අමුතු මැජික් එකක් නෙවෙයි. SMC කියන්නේ අපි අවුරුදු ගාණක් තිස්සේ කරපු "Price Action (MSNR)" එකටම අලුත් නම් ටිකක් දාලා, ටිකක් විද්‍යාත්මකව (Logically) පැහැදිලි කරන එකටයි.
පරිවර්තන වගුව (The Translator) නිකන් බොරුවට වචන වල අතරමං වෙන්න එපා. මෙන්න ඇත්ත කතාව:
MSNR (Classic): Support / Resistance
SMC (Modern): Order Block (OB)
MSNR (Classic): Breakout
SMC (Modern): BOS (Break of Structure)
MSNR (Classic): Trend Reversal
SMC (Modern): CHoCH (Change of Character)
MSNR (Classic): S/R Flip
SMC (Modern): Breaker Block
දැක්කනේ? පරණ වයින්මයි, අලුත් බෝතලේක දාලා තියෙන්නේ.
එහෙනම් ඇයි අපි මුලින් MSNR (Structure) ඉගෙන ගන්නේ? කෙලින්ම SMC වලට පැන්නම නරකද?
මේක මෙහෙම හිතන්න:
MSNR කියන්නේ පාර (Road) වගේ.
SMC කියන්නේ වේගයෙන් යන Ferrari කාර් එකක් වගේ.
ඔයාට Ferrari එකක් (SMC Strategy) තිබුනට වැඩක් නෑ, ඔයා පාර (Market Structure) ගැන දන්නේ නැත්නම්. පාරේ වංගු, වලවල් (Highs/Lows) දන්නේ නැතුව රේස් යන්න ගියොත් අනිවාර්යයෙන්ම ඇක්සිඩන්ට් වෙනවා (Stop Loss වදිනවා).
පාඩම: නම් වැදගත් නෑ. වැදගත් වෙන්නේ මාකට් එක හැසිරෙන විදිය (Behavior) අල්ලගන්න එකයි. අත්තිවාරම (MSNR) නැතුව බිල්ඩින් (SMC) ගහන්න බෑ.
ඇයි Support එකේදි Buy කළාම Loss වෙන්නේ? මාකට් එක ඇත්තටම පාලනය කරන්නේ කවුද?
ඔයා කවදාහරි දැකලා තියෙනවද, ඔයා හරියටම Support Line එකක් උඩ Buy Trade එකක් දැම්මම, Price එක ටිකක් පහළට ඇවිත් ඔයාගේ Stop Loss (SL) එක කාලම ආපහු උඩට යනවා?
මේක අහම්බයක් නෙවෙයි. මේකට කියන්නේ "Liquidity Grab" කියලයි.
සරලවම කිව්වොත් Trading ලෝකේ කණ්ඩායම් දෙකක් ඉන්නවා:
Retail Traders (අපි): පොඩි සල්ලි ප්‍රමාණයක් තියෙන, සාමාන්‍ය Chart Patterns (Support/Resistance, Trendlines) බලලා Trade කරන අය. අපි හරියට මුහුදේ ඉන්න "පොඩි මාළු" වගේ. අපි හිතන විදිය ලේසියෙන් අනුමාන කරන්න පුළුවන්.
Smart Money (බැංකු): JP Morgan, Goldman Sachs වගේ ලෝකේ ලොකුම බැංකු සහ අරමුදල්. මෙයාලා ගාව ඩොලර් බිලියන ගණන් තියෙනවා. මෙයාලා තමයි මුහුදේ ඉන්න "තල්මස්සු" (Whales). මාකට් එකේ ලොකු Move එකක් යන්නේ මෙයාලා සල්ලි දැම්මොත් විතරයි.
ඇත්ත කතාව: මේ තල්මස්සුන්ට (Smart Money) ඕන විදියට තමයි මාකට් එක යන්නේ. එයාලට ඕන තරම් Order ප්‍රමාණයක් අපි ගාව නැති නිසා, එයාලා කරන්නේ අපිව (Retail Traders ලව) උගුලකට අහුවෙන්න සලස්වලා, අපේ Stop Loss වලින් එයාලගේ ලොකු Orders ටික පුරවගන්න එක.
ඉතින් අපි දිගටම "පොඩි මාළු" විදියට හිතුවොත් අපිට කවදාවත් ගොඩ යන්න බෑ. අපි කරන්න ඕන "තල්මස්සු පස්සෙන් යන එක" විතරයි.
මේ Series එකෙන් අපි කියලා දෙන්නේ Indicators පස්සේ දුවන්නේ නැතුව, බැංකු වල අඩි පාරවල් (Footprints) හොයාගෙන ලාභ ලබන රහස් ක්‍රමයයි.
මාකට් එකේ යන "ඇත්ත Trend එක" හොයාගන්නේ කොහොමද? Smart Money යන පාරේ සිතියම මෙන්න!
අපි කලින් කිව්වා වගේ බැංකු වලට (Smart Money) ඕන විදියට තමයි මාකට් එක යන්නේ. ඉතින් අපිට බැංකු පස්සෙන් යන්න නම්, එයාලා යන පාරේ සිතියම (Map) අපිට ඕන වෙනවා. අන්න ඒ සිතියමට තමයි "Market Structure" කියන්නේ.
Retail Traders ලා Trendline අඳිනවා වගේ නෙවෙයි, SMC වලදී අපි Trend එක බලන්නේ හරිම විද්‍යාත්මක විදියට.
මේකේ ප්‍රධාන කොටස් 2ක් තියෙනවා:
Uptrend (ඉහළට යන මාකට් එක): Price එක දිගටම ඉහළ යනකොට, එයාලා හදනවා Higher Highs (HH) සහ Higher Lows (HL).
ඒ කියන්නේ කලින් හදපු මුදුනට වඩා අලුත් මුදුන උසයි (HH).
කලින් හදපු පතුලට වඩා අලුත් පතුල උසයි (HL).
Downtrend (පහළට යන මාකට් එක): Price එක දිගටම පහළ යනකොට, එයාලා හදනවා Lower Highs (LH) සහ Lower Lows (LL).
BOS (Break of Structure) කියන්නේ මොකක්ද?
මේක තමයි වැදගත්ම දේ. Market Structure එකේ Trend එක දිගටම යන බව තහවුරු කරන සිග්නල් එක තමයි BOS.
Uptrend එකකදී: Price එක කලින් හදපු Higher High (HH) එක කඩාගෙන ඉහළට ගියොත්, අපි ඒකට කියනවා BOS එකක් කියලා. (Trend එක තවදුරටත් උඩට යන බව තහවුරුයි).
Downtrend එකකදී: Price එක කලින් හදපු Lower Low (LL) එක කඩාගෙන පහළට ගියොත්, ඒකත් BOS එකක්. (Trend එක තවදුරටත් යටට යන බව තහවුරුයි).
වැදගත් නීතියක්: BOS එකක් වලංගු වෙන්න නම්, Candle එකේ බොඩිය (Body) අනිවාර්යයෙන්ම කලින් High/Low එකෙන් එහා පැත්තේ Close වෙන්න ඕන. නිකන් වලිගයක් (Wick) විතරක් ගියාට මදි!
ඊළඟ පෝස්ට් එකෙන් අපි බලමු මේ Trend එක මාරු වෙන තැන (Reversal) කොහොමද SMC විදියට හොයාගන්නේ කියලා.
මාකට් එක කණපිට හැරෙන තැන කලින්ම දකින්නේ කොහොමද? ChoCh (Change of Character) රහස!
අපි කලින් පාඩමේදී කතා කළා Trend එක දිගටම යනකොට හැදෙන BOS (Break of Structure) ගැන. හැබැයි Trend එක හැමදාම එක පැත්තකට යන්නේ නෑනේ. කවදාහරි ඒක අනිත් පැත්ත හැරෙන්න ඕන.
අන්න ඒ "Trend එක මාරු වෙන පළවෙනි සිග්නල් එක"ට තමයි අපි ChoCh (Change of Character) නැත්නම් "හැසිරීම වෙනස් වීම" කියලා කියන්නේ.
මේක හොයාගන්නේ මෙහෙමයි:
Uptrend to Downtrend (ඉහළ සිට පහළට හැරීම): මාකට් එක දිගටම Higher Highs (HH) සහ Higher Lows (HL) හදාගෙන උඩට යනවා.
ChoCh එක සිද්ධ වෙන්නේ: Price එක අන්තිමට හදපු Higher Low (HL) එක කඩාගෙන පහළට වැටුනම.
තේරුම: "ගැනුම්කරුවන්ගේ (Buyers) බලය ඉවරයි, දැන් විකුණන අය (Sellers) මාකට් එක අතට ගත්තා."
Downtrend to Uptrend (පහළ සිට ඉහළට හැරීම): මාකට් එක දිගටම Lower Highs (LH) සහ Lower Lows (LL) හදාගෙන පහළට එනවා.
ChoCh එක සිද්ධ වෙන්නේ: Price එක අන්තිමට හදපු Lower High (LH) එක කඩාගෙන ඉහළට ගියොත්.
තේරුම: "Sellers ලා ෆේල් වුනා, දැන් Buyers ලා ගේමට බැස්සා."
BOS සහ ChoCh අතර වෙනස:
BOS: Trend එක දිගටම යන බව කියයි. (Continuation).
ChoCh: Trend එක මාරු වෙන බව කියයි. (Reversal).
Pro Tip: Trade එකක් ගන්නකොට හැමවෙලේම ChoCh එකක් හැදෙනකම් ඉවසන්න. එතකොට ඔයාට පුළුවන් Trend එක පටන් ගන්න තැනින්ම Trade එක Start කරන්න!
මාකට් එකේ තියෙන "හිස් තැන්" ගැන දන්නවද? Price එක කාන්දමක් වගේ ඇදිලා එන තැන: Imbalance (FVG)!
ඔයා දැකලා ඇති සමහර වෙලාවට Price එක එකපාරටම පිස්සුවෙන් වගේ වේගෙන් උඩට හෝ පහළට යනවා. එතකොට ලොකු Candle හැදෙනවා.
මේ වගේ වෙලාවට බැංකු (Smart Money) අතින් පොඩි අතපසු වීමක් වෙනවා. ඒ තමයි "Imbalance" නැත්නම් "FVG (Fair Value Gap)" එකක් හැදෙන එක.
සරලවම කිව්වොත්: මාකට් එක සාධාරණ (Fair) වෙන්න නම්, Buy සහ Sell කියන දෙකම සිද්ධ වෙන්න ඕනනේ. ඒත් එකපාරටම ලොකු Buy Order ගොඩක් වැටුනම, Sell කරන්න කෙනෙක් නැති නිසා චාට් එකේ "හිස් තැනක්" (Gap) ඉතුරු වෙනවා.
FVG එකක් හොයාගන්නේ කොහොමද? (Candle 3 නීතිය)
අපි යාබදව තියෙන Candle 3ක් ගමු.
1 වෙනි Candle එකේ වලිගය (Wick) ඉවර වෙන තැන බලන්න.
3 වෙනි Candle එකේ වලිගය පටන් ගන්න තැන බලන්න.
මැද තියෙන (2 වෙනි) Candle එකේ, මේ වලිග දෙක අතර හිඩැසක් (Space) තියෙනවා නම්, අන්න ඒකට තමයි FVG කියන්නේ.
ඇත්තම කතාව (මේක හොඳට කියවන්න):
ගොඩක් අය හිතන්නේ FVG එකක් දැක්ක ගමන් Price එක එතනට එනවා කියලා. ඒක වැරදියි!
FVG එකක් කියන්නේ මාකට් එකේ තියෙන "ණය" (Debt) එකක් වගේ දෙයක්.
මේ ණය කවදාහරි අනිවාර්යයෙන්ම ගෙවන්න (Fill කරන්න) ඕන.
හැබැයි අදම ගෙවන්න ඕන නෑ!
සමහර වෙලාවට Trend එක ගොඩක් සැර නම් (Strong Trend), Price එක FVG එක පුරවන්නේ නැතුව දිගටම යන්න පුළුවන්. ඒ FVG එක පිරවෙන්නේ සමහරවිට සතියකින්, මාසෙකින් වෙන්න පුළුවන්.
එහෙනම් කොහොමද Trade කරන්නේ? FVG එකක් දැක්ක පලියට Trade කරන්න එපා. Price එක කවදාහරි හැරිලා (ChoCh වෙලා) ඒ FVG එක පැත්තට එනවා නම් විතරක්, එතනදි Trade එකක් ගන්න ලෑස්ති වෙන්න.
ඊළඟ පෝස්ට් එකෙන් අපි කතා කරමු බැංකු වල Orders හැංගිලා තියෙන ප්‍රධානම තැන වන "Order Blocks" (OB) ගැන.
හිස් තැන් පුරවන මේ තියරිය ගැන ඔයා දැනගෙන හිටියද?
බැංකු වල සල්ලි හැංගිලා තියෙන තැන දන්නවද? "Order Blocks" (OB) - ඇත්තම Support & Resistance එක!
අපි සාමාන්‍යයෙන් Support & Resistance අඳින්නේ Price එක වැඩිපුරම වැදුණු තැන් බලලනේ. ඒත් බැංකු (Smart Money) වැඩ කරන්නේ එහෙම නෙවෙයි.
එයාලා එකපාරටම ලොකු Move එකක් පටන් ගන්න කලින්, අන්තිමට Orders දාපු තැනක් තියෙනවා. අන්න ඒ "අන්තිම Candle එක තමයි අපි Order Block (OB) එකක් කියන්නේ.
මේක තමයි මාකට් එකේ තියෙන ප්‍රබලම Support හෝ Resistance කලාපය.
Order Block වර්ග 2:
Bullish Order Block (ඉහළට යවන කලාපය):
මාකට් එක වේගෙන් උඩට ගිහින් Structure එක කඩන්න (BOS කරන්න) කලින් හැදුනු අන්තිම රතු පාට (Sell) Candle එක.
තේරුම: බැංකු අන්තිමට Sell කළේ මෙතනදි. එයාලා ආපහු Price එක මෙතනට ගෙනල්ලා, ඒ Sell Orders ටික Buy Orders වලට හරවගෙන (Mitigate කරලා) ආපහු උඩට යනවා.
Bearish Order Block (පහළට යවන කලාපය):
මාකට් එක වේගෙන් පහළට ගිහින් Structure එක කඩන්න (BOS කරන්න) කලින් හැදුනු අන්තිම කොළ පාට (Buy) Candle එක.
තේරුම: බැංකු අන්තිමට Buy කළේ මෙතනදි. Price එක ආපහු මෙතනට ආවම එයාලා ආපහු පහළට තල්ලු කරනවා.
වැදගත්ම නීතිය: හැම අන්තිම Candle එකම OB එකක් නෙවෙයි! වලංගු OB එකක් වෙන්න නම්:
ඒකට පස්සේ ආපු Move එකෙන් අනිවාර්යයෙන්ම BOS එකක් (Structure කැඩීමක්) වෙන්න ඕන.
ගොඩක් වෙලාවට ඒ Move එකත් එක්ක FVG (Imbalance) එකකුත් හැදෙනවා.
Trade කරන විදිය: ඔයා හොයාගත්ත OB Candle එක සම්පූර්ණයෙන්ම කොටු කරලා Zone එකක් අඳින්න. Price එක කවදාහරි ආපහු ඒ Zone එක ඇතුලට ආවම, එතනින් Trade එකක් ගන්න බලන්න. (confirmation එකක් ඇතුව).
ඊළඟ පෝස්ට් එකෙන් අපි කතා කරමු SMC වල "අඳුරු පැත්ත" ගැන. ඒ කියන්නේ බැංකු අපිව දඩයම් කරන "Liquidity" (Stop Hunts) ගැන.
ඔයාගේ චාට් එකේ මේ වගේ Order Blocks හොයාගන්න පුලුවන්ද බලන්න!
Stop Loss එක වැදිලම මාකට් එක උඩ යන්නේ ඇයි? බැංකු අපිව දඩයම් කරන හැටි (Liquidity Grab)
ඔයාට කවදාහරි මෙහෙම වෙලා තියෙනවද? ඔයා ලස්සනට Support එකක් ඇඳලා Buy කරනවා. Stop Loss (SL) එක Support එකට යටින් තියනවා. එකපාරටම Price එක පහළට ඇවිත් ඔයාගේ SL එක කනවා. හැබැයි ඊට තත්පර ගාණකට පස්සේ, මාකට් එක රොකට් එකක් වගේ ඔයා හිතපු පැත්තටම (උඩට) යනවා.
මේකට කියන්නේ Liquidity Grab එකක් නැත්නම් Stop Hunt එකක් කියලා.
ඇයි බැංකු (Smart Money) මෙහෙම කරන්නේ? බැංකු වලට අපි වගේ ඩොලර් 10ක් 100ක් Buy කරලා මදි. එයාලට ඕන ඩොලර් මිලියන ගණන් Buy කරන්න.
එයාලට Buy කරන්න නම්, කවුරුහරි Sell කරන්න එපැයි.
කවුද Sell කරන්නේ? අපේ Stop Losses! (අපි Buy Trade එකක SL එක තියන්නේ Sell Order එකක් විදියටනේ).
ඉතින් බැංකු කරන්නේ, බොරුවට Price එක පහළට තල්ලු කරලා, අපේ Stop Losses ටික Active කරගන්න එක (Liquidity එක එකතු කරගන්නවා). ඊට පස්සේ එයාලට ඕන තරම් Orders ලැබුනම, එයාලා ඇත්ත Move එක පටන් ගන්නවා.
Liquidity තියෙන තැන් (අපි පරිස්සම් වෙන්න ඕන තැන්):
Equal Highs / Equal Lows (EQH / EQL): එක සමාන උස හෝ මිටි තැන් දෙකක් (Double Top/Bottom). මේවට උඩින් හෝ යටින් ගොඩක් අයගේ SL තියෙනවා ($$$). බැංකු අනිවාර්යයෙන්ම මේවා කඩනවා.
Trendline Liquidity: Trendline එකක් දිගේ යනකොට, ඒ ඉරට යටින් ගොඩක් SL තියෙනවා. බැංකු එකපාරටම ඒ ඉර කඩලා SL ටික අරන් ආපහු යනවා.
බේරෙන්නේ කොහොමද? හැමෝම දන්න Support එකේ Buy කරන්න එපා. බැංකු ඇවිත් ඒ Support එක කඩලා, SL ටික අරගෙන (Sweep), ආපහු උඩට යනකම් ඉවසන්න. අන්න එතනින් Trade එක ගන්න.
"Don't be the Liquidity, Trade with Liquidity!"
ඊළඟ පෝස්ට් එකෙන් අපි කතා කරමු SMC වල තියෙන ලාබෙට බඩු ගන්න න්‍යාය: Premium vs Discount.
මේ Stop Hunt එකට ඔයත් අහු වෙලා තියෙනවද?
පාඩු පිට Trade දාන්න එපා! SMC විදියට "Discount" එකේ බඩු ගන්න හැටි (Fibonacci Secret)
අපේ SMC (Smart Money Concepts) පාඩම් මාලාවේ අංක 07.
ඔයා කඩේකට ගියාම රු. 1000 බඩුවක් රු. 1500 ට ගන්න කැමතිද? නෑනේ. ඔයා බලන්නේ ඒක රු. 800 ට 700 ට (Discount එකට) ගන්න.
Trading වලදිත් එහෙමයි.
Market එක උඩට යනකොට (Uptrend), හැමතැනම Buy කරන්න එපා. Price එක "ගණන් වැඩියි" (Premium).
Price එක පොඩ්ඩක් පල්ලෙහාට ඇවිත් "ලාබ වෙනකම්" (Discount) ඉවසන්න ඕන.
Fibonacci Tool එකෙන් Discount හොයමු:
අපි මේකට පාවිච්චි කරන්නේ හැම Chart එකකම තියෙන Fibonacci Retracement ටූල් එක.
Uptrend (Buy කරන්න ඕන වෙලාවට):
Swing Low (පහළම තැන) ඉඳන් Swing High (ඉහළම තැන) දක්වා Fib එක අඳින්න.
50% (0.5) ලෙවල් එකෙන් පහළ කලාපයට අපි කියනවා "Discount Area" කියලා.
Buy Trade එකක් ගන්න ඕන අනිවාර්යයෙන්ම මේ Discount Area එක ඇතුලෙදි විතරයි! (Order Block එකක් එහෙම බලලා).
Downtrend (Sell කරන්න ඕන වෙලාවට):
Swing High ඉඳන් Swing Low දක්වා Fib එක අඳින්න.
50% ලෙවල් එකෙන් ඉහළ කලාපයට අපි කියනවා "Premium Area" කියලා.
Sell Trade එකක් ගන්න ඕන මේ Premium Area එක ඇතුලෙදි විතරයි.
සරල නීතිය:
Buy Low (ලාබෙට ගන්න) - Discount Area එකේදී.
Sell High (ගණන් වැඩි වුනාම විකුණන්න) - Premium Area එකේදී.
50% න් උඩ Buy කළොත් ඔයා අහු වෙන්නේ "ගණන් වැඩි" බඩු වලට!
ඊළඟ පෝස්ට් එකෙන් අපි කතා කරමු, ඔයාගේ Order Block එකට කලින් හැදෙන "බොරු Order Block" එකක් ගැන. ඒකට කියන්නේ Inducement (IDM).
ඔයාගේ Order Block එක ෆේල් වෙන්නේ ඇයි? ගොඩක් අය අහුවෙන "Inducement" (IDM) උගුල!
අපේ SMC (Smart Money Concepts) පාඩම් මාලාවේ අංක 08.
ඔයා කවදාහරි දැකලා තියෙනවද? ඔයා හරියටම Order Block (OB) එකක් ඇඳලා Trade එකක් ගන්නවා. ඒත් Price එක ඒක කඩාගෙන යටට ගිහින්, ඊට පහළින් තිබුණ වෙන තැනක වැදිලා උඩ යනවා?
මේකට හේතුව තමයි ඔයා Inducement (IDM) එකට අහුවීම.
මොකක්ද මේ Inducement (IDM)? Smart Money වලට ලොකු Orders ෆිල් කරගන්න නම්, විරුද්ධ පැත්තේ Orders (Liquidity) තියෙන්න ඕන.
නියම Order Block එකට එන්න කලින්, මාකට් එකේ හැදෙනවා පොඩි "Pullback එකක්".
මේක දැක්කම Retail Traders ලා හිතනවා "ආ.. මාකට් එක හැරුණා" කියලා එයාලා කලින්ම Buy කරනවා (Early Buyers).
ඊට පස්සේ Price එක පොඩ්ඩක් පහළට ඇවිත් ඒ අයගේ Stop Losses ටික අරගෙන (Liquidity Sweep කරලා), ඇත්තම OB එකේ වැදිලා උඩ යනවා.
SMC Golden Rule :
"Inducement (IDM) එකක් නැත්නම්, ඒ Order Block එක High Probability නෑ!"
ඒ කියන්නේ, ඔයා මාක් කරන OB එකට උඩින් (Buy එකකදී නම්) අනිවාර්යයෙන්ම පොඩි Pullback එකක් හෝ Liquidity එකක් තියෙන්නම ඕන.
Price එක ඇවිත් ඒ IDM එක කඩන්න ඕන (Take out Liquidity).
ඊට පස්සේ තමයි OB එක Valid වෙන්නේ.
කොහොමද බේරෙන්නේ? Order Block එකක් දැක්ක පලියට Pending Order දාන්න එපා. බලන්න ඒකට කලින් කඩන්න ඕන පොඩි High/Low (IDM) එකක් තියෙනවද කියලා.
IDM එක කැඩෙනකම් ඉන්න.
IDM එක කැඩුනට පස්සේ යට තියෙන ඇත්ත OB එකෙන් Trade කරන්න.
ඊළඟ පෝස්ට් එකෙන් අපි මේ ඔක්කොම එකතු කරලා "SMC විදියට හරියටම Trade එකක් ගන්න පියවර 5" (Entry Checklist) එක ගැන කතා කරමු.
ඔයා මේ "බොරු OB" වලට අහු වෙලා තියෙනවද?
ලොකු චාට් එක බලලා පොඩි චාට් එකෙන් වෙඩි තියන්නේ කොහොමද? "Multi-Timeframe Analysis" රහස (Sniper Entry)
අපේ SMC (Smart Money Concepts) පාඩම් මාලාවේ අංක 09.
ගොඩක් අයට වරදින තැනක් තමයි Timeframes පටලවා ගන්න එක. "4H එකේ Uptrend පෙන්නනවා, ඒත් 15m එකේ Downtrend පෙන්නනවා. මම මොකද කරන්නේ?"
SMC Trader කෙනෙක් වැඩ කරන්නේ හරියට Sniper කෙනෙක් වගේ.
මුලින්ම දුර බලනවා (HTF).
ටාගට් එක ලං වුනාම, Scope එක දාලා සූම් කරලා (LTF) හරියටම හිසටම තියනවා.
Timeframe ගලපන නිවැරදිම ක්‍රමය:
පියවර 01: ලොකු චාට් එක (HTF - 4H / Daily) - "දිශාව සහ කලාපය" මුලින්ම 4 Hour චාට් එක ගන්න.
Market Structure එක බලන්න (Trend එක යන්නේ කොහෙටද?).
හොඳ Order Block (OB) එකක් මාක් කරගන්න. මේක තමයි අපේ POI (Point of Interest) එක.
දැන් ඉවසන්න! Price එක මේ 4H OB එකට එනකම් වෙන මුකුත් කරන්න එපා.
පියවර 02: පොඩි චාට් එක (LTF - 15m / 1m) - "තහවුරු කරගැනීම" Price එක අර ලොකු 4H OB එක ඇතුලට ආවට පස්සේ විතරක් 15min හෝ 1min චාට් එකට මාරු වෙන්න.
දැන් බලන්න පොඩි Timeframe එකේ Trend එක වෙනස් වෙනවද කියලා (ChoCh එකක් ලැබෙනවද?).
(උදා: 4H එකේ Buy Zone එකට ආවා නම්, 1m චාට් එකේ Market එක Down යද්දි හැරෙන තැන ChoCh එකක් එනකම් ඉන්න).
පියවර 03: Sniper Entry පොඩි Timeframe එකේ ChoCh එකට පස්සේ හැදෙන පොඩි OB එකෙන් Trade එක ගන්න.
ඇයි මෙහෙම කරන්නේ? ඔයා 4H OB එකේ කෙලින්ම Trade එක දැම්මොත් ඔයාගේ Stop Loss එක ගොඩක් ලොකුයි (Pips 40-50). හැබැයි 1m එකට ගිහින් Entry එක ගත්තම Stop Loss එක Pips 5-10 කට අඩු කරගන්න පුළුවන්. Risk එක අඩුයි, Profit එක (Risk:Reward) වැඩියි!
මේ රූපය ඔළුවේ තියාගන්න! තත්පරේට මාකට් එක අල්ලන "Full SMC Entry Model" එක (The Ultimate Cheat Sheet)
අපේ SMC (Smart Money Concepts) පාඩම් මාලාවේ අවසාන කොටස (No. 10).
අපි මෙච්චර දවස් ඉගෙන ගත්ත හැමදේම එක රූප සටහනකට ගත්තොත් කොහොමද? Trading කියන්නේ හරියට චිත්‍රයක් අඳිනවා වගේ වැඩක්. පියවරෙන් පියවර ගියොත් විතරයි ලස්සන Trade එකක් හැදෙන්නේ.
මෙන්න SMC ක්‍රමයට සාර්ථක Trade එකක් ගන්න පියවර 4ක අවසාන මොඩලය:
Phase 1: දඩයම් භූමිය (HTF POI)
මුලින්ම ලොකු Timeframe එකේ (4H / 1H) බලන්න මාකට් එක යන්නේ කොහෙටද? (Trend).
මිල ආපහු හැරෙන්න පුළුවන් ප්‍රබල Order Block (OB) එකක් මාක් කරගන්න.
ඉවසන්න! Price එක මේ කලාපයට එනකම් වෙන මුකුත් කරන්න එපා.
Phase 2: උගුල කැඩීම (Liquidity Sweep)
Price එක POI එකට ආවට පස්සේ, බලන්න එතන තිබුණ High/Low එකක් හෝ Trendline Liquidity එකක් කැඩෙනවද කියලා.
මෙතනදි Retail Traders ලා බය වෙලා අයින් වෙනවා (Stop Hunts). බැංකු වලට ඕන Orders ටික එකතු කරගන්නේ මෙතනදි. (Liquidity = Fuel).
Phase 3: සිග්නල් එක (LTF ChoCh)
දැන් පොඩි Timeframe එකට (15m / 5m / 1m) යන්න.
අර Liquidity Sweep එකට පස්සේ, විරුද්ධ පැත්තට වේගවත් Move එකක් ඇවිත් Structure එක කැඩෙන්න (ChoCh) ඕන.
මේකෙන් කියන්නේ "හරි, දැන් බැංකු මාකට් එක අතට ගත්තා" කියන එකයි.
Phase 4: වෙඩි තැබීම (The Entry)
ChoCh එකට පස්සේ හැදෙන අලුත්ම Order Block (OB) එක හෝ FVG එක ලකුණු කරගන්න.
Price එක ආපහු ඒක ටච් කරනකම් ඉඳලා (Return to Origin), එතනින් Entry එක ගන්න.
Stop Loss: ඒ පොඩි OB එකට යටින්/උඩින්.
Target: ඊළඟ Liquidity Zone එක.
අවසාන පණිවිඩය: SMC කියන්නේ මැජික් එකක් නෙවෙයි, ඒක තාර්කික ක්‍රමවේදයක්. මේ මොඩලය පුරුදු වෙන්න. මේ රූපය ෆෝන් එකේ Wallpaper එකට හරි දාගන්න. හැමදාම මේක දකින තැනින් විතරක් Trade එක ගන්න.
"අපරාදේ! මට ඒ ලොකු Move එක මිස් වුනානේ!" ඔබටත් මෙහෙම හිතිලා තියෙනවද? (FOMO)
Trading Psychology Mini-Series
අපි පහුගිය දවස් ටිකේම කතා කළේ Order Blocks, FVG, Breakers වගේ බර මාතෘකා ගැනනේ. හැබැයි ඇත්තම කියන්න, කොච්චර තියරි දන්නවා වුනත්, වෙලාවට වැඩේ කරගන්න බැරි වෙලා තියෙනවද?
ඔව්, අපි හැමෝටම එහෙම වෙලා තියෙනවා. හේතුව අපේ මනස!
අද අපි කතා කරන්නේ ට්‍රේඩර්ස්ලාට තියෙන ලොකුම ලෙඩක් ගැන. ඒ තමයි FOMO (Fear Of Missing Out). ඒ කියන්නේ "අවස්ථාවක් මගහැරෙයි කියලා තියෙන බය".
මොකක්ද මේ FOMO හැඟීම? ඔයා චාට් එක බලන් ඉන්නවා. එකපාරටම ලොකු කොළ පාට කැන්ඩ්ල් දෙක තුනක් ගහගෙන මාකට් එක උඩ යනවා. ඔයාගේ ප්ලෑන් එකේ එතන එන්ට්‍රි එකක් නෑ. හැබැයි ඔයාට හිතෙනවා:
"අම්මෝ! මේක අතාරින්න බෑ. හැමෝම සල්ලි හොයනවා ඇති. මමත් දැන්ම දාන්න ඕන!"
අන්න එහෙම හිතිලා ඔයා හදිස්සියේ Buy බටන් එක ඔබනවා. ටික වෙලාවකින් මොකද වෙන්නේ? මාකට් එක එතන ඉඳන් පහළට එන්න ගන්නවා.
SMC/ICT ට්‍රේඩර් කෙනෙක් විදියට මේක දකින්නේ කොහොමද? FOMO කියන්නේ ඔයාගේ "Trading Plan" එකේ ලොකුම හතුරෙක්.
ඔයා දන්නවා Price එක Order Block එකකට හරි FVG එකකට හරි එනකම් ඉවසන්න ඕන කියලා.
හැබැයි FOMO එක ආවම, ඔයා ඒ නීති ඔක්කොම කඩලා, "Premium" මිලට (ගණන් වැඩි තැනදී) Buy කරනවා.
මේකට විසඳුම: "බස් නැවතුම" න්‍යාය (The Bus Stop Analogy) මාකට් එක හරියට බස් රූට් එකක් වගේ.
ඔයා පාර මැද්දේ දුවලා ගිහින් යන බස් එකට එල්ලෙන්න හදන්න එපා. අතපය කැඩෙයි.
ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ "බස් හෝල්ට් එකට" (ඒ කියන්නේ ඔයාගේ OB එකට හෝ FVG එකට) වෙලා සැහැල්ලුවෙන් ඉන්න එක.
එක බස් එකක් (Trade එකක්) මිස් වුනාට දුක් වෙන්න එපා. අනිවාර්යයෙන්ම තව බස් එකක් ඒ හෝල්ට් එකටම එනවා.
Tip: "හඹා ගිහින් ගන්න ට්‍රේඩ් එකකින් ලැබෙන ඩොලර් 100 ට වඩා, ඉවසලා ප්ලෑන් එකට අනුව ගන්න ට්‍රේඩ් එකකින් ලැබෙන ඩොලර් 10 වටිනවා. මොකද එතනදි ඔයා දිනලා තියෙන්නේ සල්ලි විතරක් නෙවෙයි, ඔයාගේ මනසත් එක්ක."
"මගේ SL වැදුනා? හිටපන් මම අද කොහොමහරි මේක රිකවර් කරනවා!" (Revenge Trading)
Trading Psychology Mini-Series Plan
අපි ඊයේ කතා කළා FOMO වෙලා හදිස්සියේ ට්‍රේඩ් වලට පනින එක ගැන. හරි, එහෙම පැනලා ගත්ත ට්‍රේඩ් එකේ Stop Loss (SL) එක වැදුනා කියමුකෝ.
දැන් ඔයාට මොකද හිතෙන්නේ? දුකක්ද? නෑ... ගොඩක් අයට එන්නේ කේන්තියක්!
"මම බයි කරපු ගමන්ම මුන් සෙල් කළානේ. මගේ SL එක කාලමයි උඩ ගියේ. අද නම් මම අතාරින්නේ නෑ. මගේ ගියපු $50 මම දැන්ම රිකවර් කරනවා!"
අන්න ඒ සිතිවිල්ල ආපු ගමන් ඔයා කරන්නේ, ප්ලෑන් එක පැත්තක දාලා, ලොට් සයිස් එකත් ඩබල් කරලා, මාකට් එක යන පැත්තට විරුද්ධ පැත්තට ට්‍රේඩ් එකක් දාන එක.
මේකට කියන්නේ "Revenge Trading" නැත්නම් මාකට් එකෙන් පළිගන්න යනවා කියලා.
ඇයි මේක භයානක? ඔයා මේ වෙලාවේ ඉන්නේ "Emotional" වෙලා. ඔයාගේ මොළයේ තීරණ ගන්න කොටස (Logic) වැඩ නෑ. වැඩ කරන්නේ කේන්තිය (Emotion).
SMC/ICT ට්‍රේඩර් කෙනෙක් විදියට ඔයා දන්නවා, හොඳ Setup එකක් හැදෙන්න වෙලාව යනවා කියලා.
හැබැයි Revenge Trade කරන කෙනා තත්පර 5න් තීරණ ගන්නවා. ප්‍රතිඵලය? ගියපු $50 වෙනුවට තව $100 ක් ලොස් වෙනවා.
මේකට විසඳුම: "Stop Loss එක කියන්නේ බිස්නස් එකේ වියදමක්" ට්‍රේඩින් කියන්නේ බිස්නස් එකක්. හැම බිස්නස් එකකම වියදම් (Costs) තියෙනවා.
කඩේක නම්: කරන්ට් බිල, වතුර බිල, කුලිය.
ට්‍රේඩින් වල නම්: Stop Loss එක.
Stop Loss එකක් වැදුනම හිතන්න, "හරි, අද දවසේ මගේ බිස්නස් එකේ වියදම මේකයි" කියලා. ඒක පාඩුවක් නෙවෙයි, ඒක මේ ගේම් එකේ කොටසක්.
Golden Tip: ඔයාට එක දිගට SL දෙකක් වැදුනොත්, එදාට ලැප් එක වහලා, ෆෝන් එක පැත්තකින් තියලා එළියට යන්න. ("Cool Down" වෙන්න). කේන්තියෙන් කවදාවත් චාට් එක ඉස්සරහට යන්න එපා.
ඔයා "මැෂින් තුවක්කුකාරයෙක්ද?" නැත්නම් "ස්නයිපර් කෙනෙක්ද?" (The Power of Patience)
අපි කලින් FOMO සහ Revenge Trading ගැන කතා කළා. මේ ගේම් එකේ දිනන අය සහ පරදින අය වෙන් කරන ප්‍රධානම දේ ගැන.
ඒ තමයි: "ඉවසීම" (Patience).
The Machine Gunner (නොඉවසිලිමත් ට්‍රේඩර්): චිත්‍රපටවල දැකලා තියෙනවද මැෂින් තුවක්කුවක් අරන් හතර වටේටම වෙඩි තියාගෙන යන අය? උණ්ඩ 1000 ක් විතර නාස්ති කරනවා, හැබැයි එක ඉලක්කයකටවත් හරියට වදින්නේ නෑ.
ගොඩක් ට්රේඩර්ස්ලාත් මේ වගේ. චාට් එක ඉස්සරහට ආවම නිකන් ඉන්න බැරි කමට, පේන පේන හැම පොඩි මූව්මන්ට් එකටම ට්‍රේඩ් දානවා (Boredom Trading). අන්තිමට දවස ඉවර වෙන්නේ ලොස් පිට ලොස් වෙලා.
The Sniper (SMC/ICT ට්‍රේඩර්): ස්නයිපර් කෙනෙක් දවසම එක තැනක හැංගිලා, හුස්ම පවා පාලනය කරගෙන බලන් ඉන්නේ "එකම එක" Perfect ෂොට් එකක් වෙනුවෙන් විතරයි.
SMC/ICT ට්‍රේඩර් කෙනෙක් කියන්නෙත් ස්නයිපර් කෙනෙක්ට.
අපි දන්නවා අපේ ඉලක්කය කොතනද කියලා (උදා: Kill Zone එකක තියෙන Order Block එකක්).
Price එක එතනට එනකම් අපි පැය ගාණක්, දවස් ගාණක් වුනත් ඉවසනවා.
ඉලක්කය ආවේ නැත්නම්? අපි වෙඩි තියන්නේ නෑ. (No Trade Day).
විනය හදාගන්න පොඩි ටිප් එකක්: පැය ගණන් චාට් එක දිහා බලන් ඉන්න එපා. එතකොට මොනවා හරි කරන්න හිතෙනවා. ඔයාගේ ලෙවල්ස් වලට Alerts තියන්න. Alert එක වදිනකම් වෙන වැඩක් කරන්න (පොතක් කියවන්න, ජිම් යන්න). Alert එක වැදුනම විතරක් ඇවිත් ස්නයිපර් කෙනෙක් වගේ වැඩේ ඉවර කරන්න.
ඔයාගේ අදහස පහළින් කියන්න.
"අතේ තිබ්බ Profit එකත් නැති වුනා නේද?" (Greed: කෑදරකම සහ Profit Booking)
ඔයා හරියටම ඉවසලා, ප්ලෑන් එකට අනුව ස්නයිපර් කෙනෙක් වගේ ට්‍රේඩ් එකක් ගත්තා කියමු. දැන් ට්‍රේඩ් එක Profit! චාට් එකේ කොළ පාට ඉලක්කම් පේනවා.
හැබැයි ඊළඟට මොකද වෙන්නේ? ඔයාට හිතෙනවා: "ෂා! මේක නම් සුපිරියට යනවා. මම TP (Target) එක තව උඩට අදිනවා. අද නම් ලොකු ගාණක් හොයන්න පුළුවන්."
ටික වෙලාවකින්... මාකට් එක එකපාරටම හැරෙනවා. තිබ්බ Profit එකත් ඉවරයි, අන්තිමට Stop Loss එකත් වැදිලා තමයි නවතින්නේ.
"Winning Trade එකක් Losing Trade එකක් කරගත්තා නේද?"
මොකක්ද මෙතන වුනේ? මේකට කියන්නේ "Greed" (කෑදරකම). මාකට් එක ඔයාට සල්ලි දෙන්න හදනකොට, ඔයා ඒක ගන්නේ නැතුව "තව ඕන" කියලා බලන් ඉන්නවා. අන්තිමට ඔක්කොම නැති වෙනවා.
මේකට විසඳුම: "Profit Book" කරන්න පුරුදු වෙන්න!
ගොඩක් අයට පැටලෙන තැනක් මේක. මොකක්ද මේ Profit Book කරනවා කියන්නේ?
Unrealized Profit (මනෝ ලාභය): ට්‍රේඩ් එක දුවනකොට චාට් එකේ කොළ පාටට පේන ගාණ. මතක තියාගන්න, මේක තාම ඔයාගේ සල්ලි නෙවෙයි, මේක මාකට් එකේ සල්ලි. ඕන වෙලාවක මාකට් එක ඒක ආපහු ගන්න පුළුවන්.
Realized Profit (Booked Profit): ඔයා "Close Trade" බටන් එක ඔබලා, ට්‍රේඩ් එක (හෝ කොටසක්) අයින් කළාම ඔයාගේ Wallet එකට එකතු වෙන සල්ලි. අන්න ඒක තමයි ඇත්තටම ඔයාගේ සල්ලි!
SMC/ICT ට්‍රේඩර් කෙනෙක් හරියට Profit Book කරන්නේ කොහොමද?
Take Partials (කොටසක් සාක්කුවේ දාගන්න): ට්‍රේඩ් එක යම් දුරක් (උදා: 1:2 Risk Reward) ගියාම, සම්පූර්ණ ට්‍රේඩ් එකම ක්ලෝස් කරන්නේ නැතුව, ඔයාගේ ලොට් එකෙන් බාගයක් හරි ක්ලෝස් කරගන්න. එතකොට මොන දේ වුනත් ඔයාගේ අතේ ලාභයක් තියෙනවා.
Breakeven දාන්න: ප්‍රොෆිට් වුනාට පස්සේ Stop Loss එක Entry Point එකට ගේන්න. එතකොට මාකට් එක ආපහු හැරුනත් ඔයාට පාඩුවක් වෙන්නේ නෑ (Risk-Free Trade).
Golden Rule: "කිසිම වෙලාවක හොඳට ප්‍රොෆිට් වෙලා තිබ්බ ට්‍රේඩ් එකක්, ආපහු ලොස් එකකින් ඉවර වෙන්න දෙන්න එපා."
මේක මැජික් නෙවෙයි, මේක ගණිතයක්! (Thinking in Probabilities)
Trading Psychology Mini-Series
අපි FOMO, Revenge, Patience, Greed ගැන කතා කළා. මේ ඔක්කොම එකතු කරලා හදාගන්න ඕන "Superpower" එක ගැන.
සාමාන්‍ය ට්‍රේඩර් (The Amateur): එයා එක ට්‍රේඩ් එකක් ගත්තා. ඒක ලොස් වුනා.
"අයියෝ! මගේ සිස්ටම් එක වැඩ නෑ. SMC බොරු. මම වෙන Strategy එකක් හොයාගන්නවා." එයා හිතන්නේ හැම ට්‍රේඩ් එකක්ම Win වෙන්න ඕන කියලා.
ප්‍රෝ ට්‍රේඩර් (The SMC/ICT Master): එයා එක ට්‍රේඩ් එකක් ගත්තා. ඒක ලොස් වුනා.
"හරි, මේක මගේ ලොස් වෙන ට්‍රේඩ් වලින් එකක්. ප්‍රශ්නයක් නෑ. මම ඊළඟ සෙටප් එකට ලෑස්ති වෙනවා." එයා දන්නවා එයාගේ සිස්ටම් එක 100% ක් හරි යන්නේ නෑ කියලා.
කැසිනෝ අයිතිකාරයා වගේ හිතන්න! කැසිනෝ එකකදී මිනිස්සු දිනනවා, පරදිනවා. හැබැයි අන්තිමට දවසේ අවසානයේ කැසිනෝ අයිතිකාරයා හැමදාම දිනුම්. ඇයි ඒ?
එයා එක මිනිහෙක් දිනුවට බය වෙන්නේ නෑ. එයා දන්නවා දිගුකාලීනව (Long Term) එයාට "Edge" (වාසියක්) තියෙනවා කියලා.
SMC/ICT කියන්නෙත් ඒ වගේ Edge එකක්.
Thinking in Probabilities (සම්භාවිතාව ගැන සිතීම):
එක ට්‍රේඩ් එකක් ගැන හිතන්න එපා: එක ලොස් එකක් කියන්නේ මුකුත් නෙවෙයි. ඒක ගණන් ගන්නවත් එපා.
"ට්‍රේඩ් 20 ක මාලාවක්" (Series of 20 Trades) ගැන හිතන්න: ඔයාගේ ඉලක්කය මේ ට්‍රේඩ් එක දිනන එක නෙවෙයි, ඊළඟ ට්‍රේඩ් 20 ඉවර වෙනකොට ප්‍රොෆිට් එකේ ඉන්න එකයි.
The Reality (ඇත්ත තත්වය): ඔයාගේ Strategy එක 50% ක් සාර්ථක වුනත් ඇති!
ඔයා ට්‍රේඩ් 20 ක් ගන්නවා.
10 ක් Win | 10 ක් Loss
ඔයාගේ Risk Reward එක 1:3 නම් (රුපියලක් නැති වෙද්දි රුපියල් 3ක් හොයනවා නම්), ඔයා අන්තිමට ඉන්නේ ලොකු ප්‍රොෆිට් එකක!
අවසාන උපදෙස: ඔයාගේ "සිස්ටම්" එක විශ්වාස කරන්න. ලොස් වෙනකොට සැලෙන්න එපා. දිනනකොට උදම් වෙන්න එපා. මැෂින් එකක් වගේ දිගටම කරගෙන යන්න. Consistency (නිරන්තර බව) තමයි මේ ගේම් එකේ රහස!
ජය වේවා!
"Perfect Trade" එකක් ගන්නේ කොහොමද? (Practical Guide)
අපි පහුගිය දවස් ටිකේම Trading වලට ඕන Tools එකතු කළානේ.
Indicators (RSI, MACD, Volume)
Patterns (Flags, Triangles, W/M)
Rules (Trend, SL, Risk Management)
දැන් අපි බලමු මේ ඔක්කොම එකතු කරලා, ඇත්ත Market එකේ Trade එකක් දාන විදිය. (උදාහරණයක් විදියට අපි BUY Trade එකක් ගන්න හැටි බලමු).
Step-by-Step Guide
පියවර 01: ලොකු පින්තූරය බලන්න (Context)
Trade එකක් දාන්න කලින් පරිසරය ආරක්ෂිතද බලන්න ඕන.
News : ඉස්සෙල්ලම Forex Factory එක බලන්න. රතු පාට News (High Impact) තියෙනවද? නැත්නම් Chart එකට යන්න.
Trend : ලොකු Chart එක (4H / Daily) බලන්න. Trend එක යන්නේ උඩටද (Uptrend)? එහෙනම් අපි හොයන්න ඕන BUY අවස්ථාවක් විතරයි.
පියවර 02: දඩයම එනකම් රැකලා ඉන්න (The Setup)
දැන් අපි දන්නවා Buy කරන්න ඕන කියලා. හැබැයි කොතනින්ද?
Support Area : Price එක Support එකක් ලඟට එනකම් ඉවසන්න.
Chart Patterns: එතනට එද්දී මොකක් හරි Pattern එකක් හැදෙනවද? * Flag එකක්ද? (Trend එක දිගටම යනවා). * Triangle එකක්ද? (ප්‍රෙෂර් එක වැඩි වෙනවා). * Double Bottom (W) එකක්ද? (Trend එක මාරු වෙනවා).
පියවර 03: (The Trigger)
දැන් Price එක ලෙවල් එකට ඇවිත් Pattern එකත් හරි. දැන් Trade එක ගන්නද? නෑ! Confirm කරගන්න.
Candlestick Signal: හරියටම Support එක උඩ Hammer එකක් හෝ Engulfing Candle එකක් හැදුනද?
Indicator Confirmation: * RSI (Pt 01): 30 න් උඩට හැරෙනවද? * MACD (Pt 02): ඉරි දෙක Cross වෙලා උඩට යනවද? * Volume (Pt 04): මේ වෙලාවේ Volume එක වැඩි වුනාද? (Green Light ).
පියවර 04: ආරක්ෂාව සහ ඉලක්කය (Execution)
ඔක්කොම හරි නම්, දැන් Trade එක දාන්න. හැබැයි නිකන් නෙවෙයි.
Stop Loss (Pt 05): අපි හොයාගත්ත Pattern එකට හෝ Support එකට යටින් SL එක තියන්න.
Target (Pt 08): රුපියලක් පරදින්න තියලා රුපියල් 2ක් හොයන්න (1:2 Ratio). ඊළඟ Resistance එක ලඟින් Profit ගන්න Set කරන්න.
සරල උදාහරණයක්: BTC වල Trend එක Up (P1). Price එක පහළට ඇවිත් Support එකේ වැදුනා (P2). එතන Bull Flag එකක් හැදිලා උඩට කැඩුවා (P2). ඒ වෙලාවේ Volume වැඩි වුනා (P3). මම Flag එකට යටින් SL තියලා Trade එක ගත්තා (P4).
Trade කරනවා කියන්නේ මෙන්න මේ වගේ සැලැස්මකට වැඩ කරන එකටයි. එහෙම නැතුව හිතෙන හිතෙන වෙලාවට Button ඔබන එකට නෙවෙයි!
Strategy එක සුපිරි වුනත් එකවුන්ට් එක ලොස් ද? ප්රශ්නය තියෙන්නේ ඔයා නොහිතන තැනක! (Advanced Psychology Series - Intro)
අපි මීට කලින් සරලව කතා කළා ඇයි අපි ට්‍රේඩ් වලදී බය වෙන්නේ, ඇයි තණ්හා වෙන්නේ කියලා. ඒත් ඔයා කවදාහරි හිතුවද... "ඇයි මම එපා කියද්දිම මගේ අතින් ට්‍රේඩ් එක වැටෙන්නේ?" "ඇයි මට ලොස් එකක් කපාගන්න මෙච්චර අමාරු?" "ඇයි දිනද්දි මට තව ඕන වෙන්නේ?"
ඇත්තම කතාව මේකයි: ඔයාගේ මොළය (Brain) ස්වභාවිකව හැදිලා තියෙන්නේ ට්‍රේඩින් වලට නෙවෙයි!
අපේ මානව පරිණාමය සිද්ධ වුනේ කැලේ සත්තු එක්ක සටන් කරලා බේරෙන්න. ඒ නිසා අපේ මොළය හැදිලා තියෙන්නේ "ආරක්ෂා වෙන්න." හැබැයි ට්‍රේඩින් වලදී දිනන්න නම් අපි "රිස්ක් එක ගන්න" ඕනේ. මේ පරස්පරය නිසා තමයි ඔයා නොදැනුවත්වම ෆේල් වෙන්නේ.
සරල "බය සහ තණ්හාව" (Fear & Greed) වලින් එහාට ගිය, ට්‍රේඩින් ලෝකයේ ගැඹුරුම රහස් කතා කරන්න අපි ලෑස්තියි.
අද සිට ඇරඹෙන "Advanced Trading Psychology" විශේෂ ලිපි මාලාව!
මේ ලිපි 20 තුළින් අපි කතා කරන්නේ:
Cognitive Biases: ඔයාගේ මොළය ඔයාවම අන්දන හැටි (Confirmation Bias, Gambler’s Fallacy).
Neuro-Trading: ඩොපමින් (Dopamine) සහ හෝමෝන නිසා ඔයා ඇබ්බැහි වෙන හැටි.
Identity Shift: "කැසිනෝ ගහන කෙනා" සහ "Professional Trader" අතර වෙනස.
Mental Tools: හිත පාලනය කරගන්න ප්‍රායෝගික අභ්‍යාස.
මේක නිකන්ම "ඉවසන්න" කියලා දෙන පෝස්ට් එකක් නෙවෙයි. මේක ඔයාගේ Trading DNA එකම වෙනස් කරන ගමනක්.
ඔයා කවදාහරි මෙහෙම දෙයක් කරලා තියෙනවද?
ඔයා හිතනවා Bitcoin අද උඩ යයි කියලා. ඉතින් ඔයා Buy එකක් දානවා. හැබැයි ටිකකින් මාකට් එක පහළට යන්න ගන්නවා. චාට් එකේ පැහැදිලිවම පෙන්නනවා දැන් Trend එක Bearish (පහළට) කියලා.
දැන් ඔයා මොකද කරන්නේ?
A) පාඩුව (Loss) පිළිගෙන ට්‍රේඩ් එක ක්ලෝස් කරනවාද?
B) එහෙම නැත්නම්, Telegram ගෘප් වල, Twitter එකේ, YouTube එකේ "Bitcoin තාම උඩ යන්න පුළුවන්" කියලා කියන කෙනෙක්ව පිස්සුවෙන් වගේ හොයනවද?
ඔයා කරන්නේ (B) නම්, සුබ පැතුම්! ඔයා "Confirmation Bias" කියන මානසික උගුලේ හිරවෙලා.
මොකක්ද මේ Confirmation Bias කියන්නේ?
සරලවම කිව්වොත්, අපේ මොළය කැමති නෑ අපි වැරදියි කියලා පිළිගන්න. ඒ නිසා, අපි යම් තීරණයක් ගත්තට පස්සේ (උදා: Buy Order එකක් දැම්මට පස්සේ), අපේ මොළය ස්වභාවිකවම කරන්නේ ඒ තීරණය "හරි" කියලා ඔප්පු කරන්න සාක්ෂි සෙවීම විතරයි.
අර "කහ පාට කණ්ණාඩියක් දාගත්තම මුළු ලෝකෙම කහ පාටට පේනවා" වගේ, ඔයා Buy කළාම ඔයාට පේන්නෙම මාකට් එක උඩ යන හේතු විතරයි. පහළ යන හේතු (Negative News, Bearish Patterns) ඔයාගේ මොළය විසින් "Block" කරනවා.
මේකේ භයානකකම: මේ නිසා තමයි ඔයා ලොස් වෙන ට්‍රේඩ් එකක් "ආපහු හැරෙයි" කියන බොරු බලාපොරොත්තුවෙන් අනවශ්‍ය කාලයක් hold කරන් ඉන්නේ. අන්තිමට පොඩි ලොස් එකක් ගන්න තිබ්බ තැන, ලොකු ලොස් එකකින් කෙළවර වෙන්නේ මේ නිසයි.
කොහොමද මේක නවත්තන්නේ? (The Fix)
මේකට තියෙන හොඳම බෙහෙත තමයි "Devil’s Advocate" (විරුද්ධවාදියා) න්‍යාය.
ඔයා ට්‍රේඩ් එකක් ගන්න කලින් (උදා: Buy කරන්න කලින්), විනාඩියක් අරන් බලෙන් හෝ ඔබට විරුද්ධ පැත්ත හිතන්න. "මම මේක Buy කරන්න හැදුවට, මේක Sell වෙන්න තියෙන හේතු 3ක් මොනවද?" කියලා හිතලා බලන්න.
එහෙම හිතුවම අර දාගෙන ඉන්න "පාට කණ්ණාඩිය" ගැලවෙනවා. ඔයාට මාකට් එකේ ඇත්ත තත්ත්වය පේන්න ගන්නවා.
Homework: ඊළඟ ට්‍රේඩ් එක දාන්න කලින්, විරුද්ධ පැත්ත ගැන හිතන්න අමතක කරන්න එපා!
අන්තිම Trade එක පරාදයි නම්, ඊළඟ එක ගන්න බයද?
(Advanced Psychology - Lesson 02)
හිතන්න මේ අවස්ථා දෙක ගැන:
ඔයා එක දිගට Trade 3ක් Win කරනවා. දැන් ඔයාට දැනෙන්නේ මොකක්ද? "මම තමයි වැඩ්ඩා! මාකට් එක මට ඕන විදියට නටන්නේ" කියලා නේද? ඊළඟ ට්‍රේඩ් එකට ඔයා නොදැනුවත්වම ලොකු Lot Size එකක් දානවා. ප්‍රතිඵලය: ඒක Loss වෙලා කලින් හොයපු සේරම යනවා.
ඔයා එක දිගට Trade 3ක් Loss වෙනවා. දැන් ඔයාට බයයි. ඔයාගේ Strategy එකට හරියටම ගැලපෙන Setup එකක් එනවා. ඒත් ඔයා ඒක ගන්නේ නෑ. ප්‍රතිඵලය: ඒක හරියටම Profit වෙනවා. ඔයා අපරාදේ කියලා පසුතැවෙනවා.
මේ දෙකටම හේතුව "Recency Bias" (මෑත කාලීන නැඹුරුව).
මොකක්ද මේ Recency Bias කියන්නේ?
අපේ මොළය හැදිලා තියෙන්නේ ඈත අතීතයට වඩා "ළඟදී වුන දේට" (Recent Events) වැඩි බරක් දෙන්න. ඔයා අවුරුද්දක් තිස්සේ හොඳට trade කළත්, අද දවසේ trade 2ක් ලොස් වුනොත් මොළය හිතන්නේ "මගේ සිස්ටම් එක වැඩ නෑ" කියලයි. මොළයට "දිගුකාලීන මෙමරිය" අමතක වෙලා "කෙටි කාලීන මෙමරිය" හයිලයිට් වෙනවා.
ඇයි මේක භයානක? මේක නිසා ඔයා හැම තිස්සෙම ඔයාගේ Strategy එක මාරු කරනවා (Strategy Hopping). ටිකක් ලොස් වුන ගමන් "මේක හරියන්නේ නෑ" කියලා වෙන ක්‍රමයක් හොයනවා. කවදාවත් එක ක්රමයක ප්‍රවීණයෙක් වෙන්න ලැබෙන්නේ නෑ.
කොහොමද මේක නවත්තන්නේ? (The Fix)
ඔයා හිතාගන්න ඕන හැම trade එකක්ම හරියට කාසියක් උඩ දානවා (Coin Flip) වගේ "ස්වාධීන සිදුවීමක්" (Independent Event) කියලා.
කාසියක් උඩ දාලා 5 පාරක් "Head" වැටුනා කියලා, 6 වෙනි පාර අනිවාර්යයෙන්ම "Tail" වැටෙන්න ඕන නෑ. සම්භාවිතාව තාම 50/50 යි. ඒ වගේමයි, කලින් trade එක Win ද Loss ද කියන එක, ඊළඟ trade එකට අදාළම නෑ.
Mental Hack: trade එකක් ඉවර වුන ගමන් හිතෙන් පොඩි "Reset Button" එකක් ඔබන්න. "කලින් එක ඉවරයි, මේක අලුත්ම එකක්!"
මේක තේරුම් ගත්ත කෙනා කවදාවත් ලොස් වුනාම බය වෙන්නෙත් නෑ, වින් කළාම උඩ පනින්නෙත් නෑ.
"අපරාදේ මම මෙච්චර වෙලා බලන් හිටියේ..." කියලා ලොස් වෙන ට්‍රේඩ් එකක් අල්ලන් ඉන්නවද?
Advanced Psychology - Lesson 03
හිතන්න ඔයා බස් හෝල්ට් එකකට වෙලා පැයක් තිස්සේ බස් එකක් එනකම් බලන් ඉන්නවා. බස් එකක් එන පාටක් නෑ. ඔයාට දැන් Uber එකක් දාගෙන යන්න පුළුවන්. ඒත් ඔයාගේ ඔළුව කියනවා: "නෑ නෑ.. මම දැනටමත් පැයක් බලන් හිටියනේ. දැන් ගියොත් ඒ පැය අපරාදේ. තව ටිකක් ඉමු."
මේකට තමයි කියන්නේ "Sunk Cost Fallacy" (ගිලුණු පිරිවැය පිළිබඳ මුළාව) කියලා.
Trading වලදී මේක වෙන්නේ කොහොමද?
ඔයා Trade එකක් දාලා ඒක ලොස් වෙවී යනවා. ඔයා දන්නවා දැන් ඒක ගොඩ එන්නේ නෑ කියලා. ඒත් ඔයා ඒක ක්ලෝස් කරන්නේ නෑ. ඇයි? ඔයා හිතනවා: "මම මේක ඇනලයිස් කරන්න කොච්චර මහන්සි වුනාද? මම මේකට කොච්චර වෙලාවක් බලන් හිටියද? දැන් කැපුවොත් ඒ සේරම අපරාදේ."
ඇත්ත කතාව: මාකට් එකට ඔයාගේ මහන්සියවත්, ඔයා බලන් හිටපු වෙලාවවත් වැඩක් නෑ. ගිය සල්ලි ගියා, ගිය කාලය ගියා. (Sunk Cost). වැදගත් වෙන්නේ "දැන්" මොකද වෙන්නේ කියන එක විතරයි.
The Mental Fix (විසඳුම): "Zero-Based Thinking"
හිරවෙලා ඉන්න trade එක දිහා බලලා ඔයාගෙන්ම මේ ප්රශ්නය අහන්න: "මම මේ ට්‍රේඩ් එකේ දැනටමත් හිටියේ නැත්නම්, මේ තියෙන තත්ත්වය දැක්කම මම අලුතින් මේකට එන්ටර් වෙනවද?"
උත්තරේ "නැහැ" නම්, වහාම ඒ ට්‍රේඩ් එක ක්ලෝස් කරන්න. පරණ දේවල් අල්ලගෙන ඉන්න එපා.
රු.1000ක් හම්බවෙනවට වඩා, රු.1000ක් නැතිවෙන එක ගැන දුක වැඩි ඇයි?
Advanced Psychology - Lesson 04
ඔයාට කවුරුහරි නිකන් රු.1000ක් දුන්නොත් ඔයාට සතුටක් දැනෙනවා. හැබැයි ඔයාගේ සාක්කුවෙන් රු.1000ක් වැටිලා නැති වුනොත්?
ඒ දැනෙන දුක අර සතුට වගේ දෙගුණයක් වැඩියි නේද? මේකට මනෝවිද්‍යාවේ කියන්නේ "Loss Aversion" කියලා. සරලවම කිව්වොත්, අපි දිනනවට වඩා පරදින්න අකමැතියි.
Trading වලදී මේක ලොකුම හතුරෙක් වෙන්නේ කොහොමද?
Profit ඉක්මනට ගැනීම: Trade එකක් චුට්ටක් ප්‍රොෆිට් ආපු ගමන්, "අපෝ මේක ආයේ නැති වෙයි" කියලා බයට අපි ඉක්මනට close කරනවා. (ලොකු මූව් එක මිස් වෙනවා).
Loss දිගටම තියාගැනීම: trade එකක් ලොස් වෙද්දි, ඒ පාඩුව "පිළිගන්න" අකමැති නිසා, "ආයේ හැරෙයි" කියලා අපි ඒක දිගටම hold කරනවා. (පොඩි ලොස් එක ලොකු වෙනවා).
අපි කරන්න ඕනේ දේට සම්පූර්ණ විරුද්ධ දේ මේ බය නිසා සිද්ධ වෙනවා.
The Mental Fix (විසඳුම): "Reframe the Loss"
Trading වලදී ලොස් වෙනවා කියන්නේ "ඔයා ෆේල්" කියන එක නෙවෙයි. බිස්නස් එකක් කරද්දි කඩ කුලිය, ලයිට් බිල ගෙවනවා වගේ, ට්‍රේඩින් වලදී ලොස් වෙනවා කියන්නෙත් "බිස්නස් එකේ වියදමක්" (Business Expense) විතරයි.
ලාභය ගන්න නම්, මේ වියදම කරන්නම වෙනවා. ලොස් එකක් කියන්නේ මේ ගේම් එකේම කොටසක් බව පිළිගන්න.
දැන් රතු ඒවා 4ක් ගියානේ, ඊළඟ එක අනිවාර්යයෙන්ම කොළ වෙන්න ඕනේ!" - මෙහෙම හිතනවද?
Advanced Psychology - Lesson 05
කැසිනෝ එකක රූලට් (Roulette) මේසයක් ළඟට ගියොත් මේක හොඳටම බලාගන්න පුළුවන්. බෝලේ එක දිගට 5 පාරක් "රතු" පාටට වැටුනොත්, මිනිස්සු ඔක්කොම දුවලා ගිහින් ඊළඟ පාර "කළු" පාටට සල්ලි දානවා.
ඇයි? එයාලා හිතනවා "දැන් රතු ආවා ඇති, දැන් කළු එන්නම ඕනේ" කියලා. මේකට කියන්නේ "Gambler’s Fallacy" (සූදුකාරයාගේ මුළාව) කියලා.
Trading චාට් එකේදී මේක වෙන්නේ කොහොමද?
"මාකට් එක දැන් ගොඩක් වෙලා එක දිගට උඩ ගියානේ, දැන් අනිවාර්යයෙන්ම පහළ එන්න ඕනේ" කියලා Sell කරනවා. (Trend එකට විරුද්ධව යාම).
"එක දිගට Bearish candle 3ක් ආවා, හතරවෙනි එක Bullish වෙන්න චාන්ස් එක වැඩි" කියලා හිතනවා.
ඇත්ත කතාව: මාකට් එකට "මතකයක්" නෑ! ඔයා කාසියක් උඩ දාද්දි කලින් 10 පාරම "Head" වැටුනත්, 11 වෙනි පාර "Tail" වැටෙන්න තියෙන සම්භාවිතාව තාමත් 50% යි. කලින් සිදුවීම, ඊළඟ සිදුවීමට බලපාන්නේ නෑ. (Independent Events).
The Mental Fix (විසඳුම): "සම්භාවිතාව විශ්වාස කරන්න"
"අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ" කියන අදහස ඔළුවෙන් අයින් කරන්න. ඒ වෙනුවට, "වෙන්න පුළුවන් දේ" (Probability) ගැන විතරක් හිතන්න. ඔයාගේ Strategy එකෙන් කියන්නේ 60%ක් දිනන්න පුළුවන් කියලද? එච්චරයි. කලින් ගිය candle ගැන හිතලා වැඩක් නෑ.
ඔයා Trade කරන්නේ සල්ලි හොයන්නද? නැත්නම් "Kick" එකක් ගන්නද?
Advanced Psychology - Lesson 06 (Biology of Trading)
ඔයා දන්නවද ගොඩක් Trading කරන අය (90%ක් විතර) නොදැනුවත්වම ඉන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුන අය වගේ තත්ත්වයක කියලා?
ඔයා Trade එකක් දාන්න හදනකොට, ඔයාගේ හදවත ගැහෙන්න පටන් ගන්නවා නේද? ඇඟට නිකන් කරන්ට් එකක් වැදුනා වගේ "Excitement" එකක් එනවා නේද? අන්න ඒකට කියන්නේ Dopamine Hit එකක් කියලා.
විද්‍යාත්මක ඇත්ත (The Science): අපේ මොළයේ තියෙනවා "Reward System" කියලා කොටසක්. අපි දිනුවම මේකෙන් Dopamine කියන රසායනිකය නිකුත් කරනවා. හැබැයි Trading වල භයානකම දේ මේකයි: විද්‍යාඥයින් හොයාගෙන තියෙනවා "Variable Rewards" (ඒ කියන්නේ දිනනවද පරදිනවද කියලා ෂුවර් නැති අවස්ථා) වලදී මොළය නිකුත් කරන Dopamine ප්‍රමාණය, මාසෙ අන්තිමට පඩියක් ගන්නවා වගේ "Fixed Reward" එකකට වඩා ගොඩක් වැඩියි කියලා.
ඒ කියන්නේ, ඔයාට Trade එකෙන් සල්ලි ලැබුනේ නැතත්, ඒ trade එක දාද්දි දැනෙන "ත්‍රාසයට" (Thrilling sensation) ඔයාගේ මොළය ඇබ්බැහි වෙනවා. හරියට කැසිනෝ ගහන කෙනෙක් වගේ.
රෝග ලක්ෂණ:
Setup එකක් නැති වුනත් නිකන් ඉන්න බැරිකමට ට්‍රේඩ් දැමීම (Over-trading).
Trade එකක් නැතුව චාට් එක දිහා බලන් ඉද්දි කම්මැලි බවක් දැනීම.
ලොස් වුනාම ඒක කවර් කරන්න ඉක්මනට තව එකක් දාන්න හිතීම (මේ වෙලාවේ මොළය ඉල්ලන්නේ සල්ලි නෙවෙයි, අර Dopamine මාත්රාවයි).
The Fix (විසඳුම): "Boring is Best" හොඳ ට්‍රේඩින් කියන්නේ හරිම කම්මැලි වැඩක්. ඔයාට ට්‍රේඩ් කරද්දි "ආතල්" (Excitement) එකක් දැනෙනවා නම්, ඔයා කරන්නේ ගැම්බිබ්ලින්. ට්‍රේඩ් එක දාද්දි ඔයාට කිසිම හැඟීමක් නෑ (Numb) නම්, අන්න එදාට ඔයා හරි පාරේ.
ලොකු ලොස් එකක් යද්දි ඔයා "ගල් ගැහෙන්නේ" ඇයි?
Advanced Psychology - Lesson 07 (Amygdala Hijack)
ඔයාට වෙලා තියෙනවද? Trade එකක් රතු වීගෙන, ලොස් වීගෙන යද්දි... ඔයාට ඕනේ ඒක close කරන්න. ඒත් ඔයාගේ අත වැඩ කරන්නේ නෑ. ඔයා නිකන්ම screen එක දිහා බලන් ඉන්නවා. (Freezing). එහෙම නැත්නම්, ලොස් එකක් දැක්ක ගමන් බය වෙලා, plan එකේ නැති තැනකින් trade එක close කරනවා.
මේකට කියන්නේ "Amygdala Hijack" කියලා.
මොළයේ ක්‍රියාවලිය: අපේ මොළයේ තියෙනවා Amygdala කියලා පුංචි කොටසක්. මේකේ වැඩේ තමයි අනතුරක් දැක්කම අපිව ආරක්ෂා කරන එක (Fear Center). පුරාණ මිනිස්සු කැලේදී කොටියෙක් දැක්කම, මේ Amygdala එක ක්‍රියාත්මක වෙලා, කකුල් වලට ලේ යවනවා දුවන්න (Flight) හෝ අත් වලට ලේ යවනවා ගහගන්න (Fight). මේ වෙලාවට මොළයේ හිතන්න පුළුවන් කොටස (Prefrontal Cortex) සම්පූර්ණයෙන්ම Shutdown වෙනවා.
Trading වලදී, ඔයාගේ සල්ලි නැතිවෙනවා කියන එක මොළය දකින්නේ "ජීවිත තර්ජනයක්" විදියට. ඉතින් ලොකු ලොස් එකක් යද්දි, ඔයාගේ බුද්ධිමත් මොළය (Logic) ඕෆ් වෙලා, සත්ව මොළය (Primal Brain) වැඩ පටන් ගන්නවා. අන්න ඒ වෙලාවට තමයි ඔයා මෝඩ තීරණ ගන්නේ.
වැදගත්ම දේ: මේ වෙලාවට ඔයාට හිතන්න බෑ. IQ එක 150ක් වුනත් වැඩක් නෑ. මොකද ලොජික් සෙන්ටර් එකේ කරන්ට් ගිහින් තියෙන්නේ.
The Fix (විසඳුම): "The 10-Second Breath" බය හිතුනු ගමන්, තීරණයක් ගන්න එපා. මවුස් එකෙන් අත ගන්න. ගැඹුරු හුස්ම 3ක් ගන්න. එතකොට මොළයට ඔක්සිජන් ගිහින් ආපහු Prefrontal Cortex එක ඔන් වෙනවා. "මම මැරෙන්න නෙවෙයි යන්නේ, මේක නිකන් සල්ලි ටිකක් විතරයි" කියලා මොළයට මතක් කරලා දෙන්න.
දිනන එකත් පරදිනවා වගේම භයානකයි කිව්වොත්?
අපි හිතන්නේ ලොස් වෙන එක විතරයි භයානක කියලා. නෑ! ඊට වඩා භයානකයි එක දිගට Win කරගෙන යන එක.
හිතන්න ඔයා එක දිගට trade 5ක් දිනනවා. දැන් ඔයාට මොකද හිතෙන්නේ? "මට දැන් මාකට් එක හොඳටම තේරෙනවා. මට වරදින්න විදියක් නෑ."
මේකට කියන්නේ Euphoria Effect එහෙම නැත්නම් God Complex එක කියලා.
විද්‍යාත්මක පසුබිම: අපි දිනනකොට අපේ සිරුරේ Testosterone හෝමෝනය වැඩි වෙනවා. මේක වැඩි වුනාම අපේ "බිය දැනෙන ප්‍රමාණය" (Perception of Risk) අඩු වෙනවා. ඒ කියන්නේ, ඇත්තටම මාකට් එකේ අවදානමක් තිබුනත්, ඔයාට ඒක පේන්නේ නෑ. ඔයා හිතන්නේ ඔයා Superman කියලා.
ප්‍රතිඵලය: මේ නිසා තමයි ගොඩක් අය මාස ගාණක් එකතු කරපු ප්‍රොෆිට් එක, එක දවසින් නැති කරගන්නේ (Blow account). ඔයාගේ කොන්ෆිඩන්ස් එක ඕනවට වඩා වැඩි වෙලා (Overconfidence), ඔයා ලොකු රිස්ක් ගන්නවා, Stop Loss නොදා කරනවා. අන්තිමට මාකට් එක ඔයාට පාඩමක් උගන්වනවා.
The Fix (විසඳුම): "Stay Humble or Get Humbled" එක දිගට දිනනවා නම්, ඒ "ඔයාගේ දක්ෂකම" නිසාම නෙවෙයි, ඔයාගේ Strategy එක මේ දවස්වල මාකට් එකට සෙට් වෙන නිසා වෙන්න පුළුවන්. දිනන කාලෙට Lot Size වැඩි කරන්න එපා. යටි හිතට කියන්න "මම මාකට් එකට වඩා පොඩියි" කියලා.
එකවුන්ට් එකේ සල්ලි තිබුනට වැඩක් නෑ, මේ "බැටරිය" බැස්සොත්!
Advanced Psychology - Lesson 09 (Mental Capital)
Trading වලදී ප්රාග්ධනය (Capital) වර්ග දෙකක් තියෙනවා:
Financial Capital (ඔයාගේ එකවුන්ට් බැලන්ස් එක).
Mental Capital (ඔයාගේ මානසික ශක්තිය).
ගොඩක් අය පළවෙනි එක පරිස්සම් කරනවා, හැබැයි දෙවැනි එක ගැන හිතන්නෙවත් නෑ.
Willpower is Limited: මනෝවිද්‍යාවේ කියනවා අපේ Willpower (ස්වයං පාලනය) කියන්නේ බැටරියක් වගේ දෙයක් කියලා. උදේ නැගිටිද්දි මේක ෆුල් චාජ් වෙලා තියෙන්නේ. ඔයා ගන්න හැම තීරණයක් එක්කම (trade එකක් ගැනීම, ලොස් එකක් දරාගැනීම, චාට් එක ඇනලයිස් කිරීම) මේ බැටරිය බහිනවා.
Burnout එක එන හැටි: ඔයා දවස තිස්සේම ස්ක්‍රීන් එක දිහා බලන් ඉඳලා, ස්ට්‍රෙස් අරගෙන, රෑ වෙද්දි ඔයාගේ Mental Capital එක බිංදුවටම බහිනවා. අන්න ඒ වෙලාවට තමයි ඔයාගේ ඉවසීම නැති වෙලා, "කෙළවෙලාම පලයන්" කියලා පිස්සු ට්‍රේඩ් දාන්නේ. සල්ලි තිබුනට වැඩක් නෑ, ඔළුව වැඩ නැත්නම් ඔයා පරදිනවා.
The Fix (විසඳුම): "Preserve Your Energy"
දවසට පැය ගාණක් චාට් එකේ එල්ලීගෙන ඉන්න එපා.
ඔයාගේ Trading Session එක ලිමිට් කරන්න (උදා: ලන්ඩන් සෙෂන් එක විතරයි).
ලොස් වුනාම වගේම වින් කළාම චාට් එකෙන් අයින් වෙන්න. ඔයාගේ මනසට රෙස්ට් එකක් දෙන්න.
එකවුන්ට් එකේ සල්ලි තිබුනට වැඩක් නෑ, මේ "බැටරිය" බැස්සොත්!
Trading වලදී ප්රාග්ධනය (Capital) වර්ග දෙකක් තියෙනවා:
Financial Capital (ඔයාගේ එකවුන්ට් බැලන්ස් එක).
Mental Capital (ඔයාගේ මානසික ශක්තිය).
ගොඩක් අය පළවෙනි එක පරිස්සම් කරනවා, හැබැයි දෙවැනි එක ගැන හිතන්නෙවත් නෑ.
Willpower is Limited: මනෝවිද්‍යාවේ කියනවා අපේ Willpower (ස්වයං පාලනය) කියන්නේ බැටරියක් වගේ දෙයක් කියලා. උදේ නැගිටිද්දි මේක ෆුල් චාජ් වෙලා තියෙන්නේ. ඔයා ගන්න හැම තීරණයක් එක්කම (trade එකක් ගැනීම, ලොස් එකක් දරාගැනීම, චාට් එක ඇනලයිස් කිරීම) මේ බැටරිය බහිනවා.
Burnout එක එන හැටි: ඔයා දවස තිස්සේම ස්ක්‍රීන් එක දිහා බලන් ඉඳලා, ස්ට්‍රෙස් අරගෙන, රෑ වෙද්දි ඔයාගේ Mental Capital එක බිංදුවටම බහිනවා. අන්න ඒ වෙලාවට තමයි ඔයාගේ ඉවසීම නැති වෙලා, "කෙළවෙලාම පලයන්" කියලා පිස්සු ට්‍රේඩ් දාන්නේ. සල්ලි තිබුනට වැඩක් නෑ, ඔළුව වැඩ නැත්නම් ඔයා පරදිනවා.
The Fix (විසඳුම): "Preserve Your Energy"
දවසට පැය ගාණක් චාට් එකේ එල්ලීගෙන ඉන්න එපා.
ඔයාගේ Trading Session එක ලිමිට් කරන්න (උදා: ලන්ඩන් සෙෂන් එක විතරයි).
ලොස් වුනාම වගේම වින් කළාම චාට් එකෙන් අයින් වෙන්න. ඔයාගේ මනසට රෙස්ට් එකක් දෙන්න.