Diagonal Wave (Trengle)
Diagonal Wave (Trengle)
Diagonal Wave ප්‍රධාන කොටස් දෙකකි. එනම්,
1. Contracting Diagonal
2. Expanding Diagonal
3-3-3-3-3 Strech එකකින් සමන්විත Wave ආරම්භයේ විශාලව හා අවසානයේ කුඩාවට දිස්වන පළමු Wave එක අවසානයට පහළින් හතරවෙනි Wave එකෙහි අවසානය සිදුවී ඇති එනම් Wave 01 හා හතරවෙනි Wave එක Overlay වී ඇති Wave එකක් Contracting Diagonal Trangel එකක් ලෙස හඳුන්වනු ලබයි.
Contracting Diagonal එකක දෙවැනි Wave එකට Target ලබා ගන්නා ආකාරය
Wave දෙකට Targetගන්නා විටදී 0 සිට 1දක්වා Fibonacci Retestment එක ගෙන යන අතර එහි 0.5 හා 0.618 Common Target ලෙස භාවිතා කරයි. තවද 0.786 හා 0.886 Rare Target ලෙස භාවිතා කරයි.
හතරවෙනි Wave එකට Targetගන්නා විට 2 සිට 3දක්වා Fibonacci Retestmen එක ගෙන එන අතර 0.382 හා 0.5 Common Target ලෙස භාවිත කරන අතර 0.618 Rare Target ලෙස භාවිතයට ගනු ලබයි.
Contracting Diagonal එකක තුන්වන Wave එකට හා පස්වන Wave එකට Targetගන්න ආකාරය
තුන්වන Wave එක සඳහා Target ගැනීම සඳහා 0 සිට 1 හා 3 දක්වා Fibonacci Extension එක ගෙන යන අතර එහි Common Target ලෙස 0.886 / 0.768 හා Rare Target ලෙස 0.99 භාවිතයට ගනු ලබයි.
පස්වන Wave එක සඳහා Target ගැනීම සඳහා O සිට 1 හා 4දක්වා Fibonacci Extension එක ගෙන යන අතර එහි Common Target ලෙස 0.618/0.786 හා Rare Target ලෙස 0.99/0.886 භාවිත කරනු ලබයි.
3-3-3-3 - 3 Stretch එකකින් සමන්විත Wave එක ආරම්භයේදී කුඩාම හා අවසානයේ විශාලව දිස්වන පළමු Wave එක හා හතරවන Wave එක Overlay වී ඇත. මේ Wave එක Expanding Diagonal Tangel එකක් ලෙස හඳුන්වනු ලබයි.
Diagonal Pattern එකක් Market එකෙහිසෑදෙන ස්ථාන හතරකි. එනම්, Wave 01 හා Wave A සහ Wave 5 හා Wave C එකෙහි වන අතර අනෙකුත් කිසිතැනක Diagonal Wave නොසෑදෙයි.
Expanding Diagonal එකක Wave දෙක, තුන, හතර හා පහට Fibonacci Retestment එක හා Extension එක භාවිත කරමින් Target ගන්නා ආකාරය
දෙවැනි Wave එක සඳහා Targetගන්නා විට 0 සිට 1 දක්වා Fibonacci Retracement එක ගෙනයන අතර එහි Common Target ලෙස 0.786 / 0.886 හා Rare Target ලෙස 0.618/0.99 භාවිත කරනු ලබයි.
තුන්වන Wave එක සඳහා Targetගන්නා විට Oසිට1 හා 2 දක්වා Fibonacci Extension එක ගෙන යන අතර එහි Common Target ලෙස 1.618 හා Rare Target ලෙස 1.272 භාවිත කරනු ලබයි.
හතරවෙනි Wave එක සඳහා Targetගන්නා විට 2 සිට 3දක්වා Fibonacci Retestment එක ගෙනයන අතර එහි Common Target ලෙස 0.786/0.887 හා Rare Target ලෙස 0.618/0.99 භාවිත කරනු ලබයි.
පස්වන Wave ඵක සඳහා Target ගැනීමේදීතුන්වන Wave එක සඳහා භාවිතා කරන ලද තොරතුරු භාවිත කරడి.
Contracting Diagonal හා Exponding Diagonal සෑදෙන තැන අනුව කොටස් දෙකකි එනම්,
1. Leading Diagonal
2. Ending Diagonal
Leading Diagonal එකක් සඳහා අදාල වන Rule's කිහිපයකි. ඒවා පහත පරිදි හඳුනා ගනිමු.
1. 5-3-5-3-5 Stretch එකකින් සමන්විත වෙයි.
2. හතරවන Wave එක හා පළමු Wave එක Overlay විය යුතුය.
3. දෙවෙනි Wave එක පළමු Waveඑකෙහි ඔබ්බට නොයයි.
4. තුන්වන Wave එක කෙටිම Wave එක විය නොහැක.
5. හතරවෙනි Wave එක Wave තුනෙහි ආරම්භයෙන් පහළට නොයයි.
6. Contracting Leading Diagonal වලදී "01" Wave එක දිගම වන අතර පස්වන Wave එක කෙටිම වෙයි.
7. Expanding Leading Diagonal වලදී Wave එක "01" කෙටිම වන අතර පස්වන Wave එක දිගම වෙයි.
8. මේවා සෑදෙන්නේ පළමු Wave එකෙහි හා 'A' Waveඑකෙහිදීය.
Ending Diagonal
Ending Diagonal එකක් සඳහා වන Rule’s කිහිපයකි. ඒවා පහත පරිදි හඳුනා ගනිමු
1. 3-3-3-3-3Stretch එකකින් සමන්විත වෙයි.
2. හතරවෙනි Wave එක හා පළමු Wave එක Overlay විය යුතුය.
3. දෙවෙනි Wave එක පළමු Wave එකෙන්ඔබ්බට නොයයි.
4. අභ්‍යන්තර Wave සියල්ල Corrective Wave වෙයි.
5. තුන්වෙනි Wave එක කෙටිම Wave විය නොහැක.
6. Ending Contracting Diagonal වලදී පළමු Wave එක දිගම වන අතර පස්වන Wave එක කෙටිම වෙයි.
7. Ending Expanding Diagonal වලදී පළමු Wave එක කෙටිම වන අතරපස්වන Wave එක දිගම වෙයි.
8. මේවා සෑදෙන්නේ පස්වන Wave එකෙහි හා 'C' Wave එකදීය.