Impulse හා Pull Back සෑදෙමින් ගමන් කරන Live Market එකක Up Trade එකකදී "HL” එක එනම් Swing Low Point එක හා Down Trade එකකදී "LH" ඵක එනම් Swing High Point එක පහසුවෙන් සොයා ගැනීමට උපකාරීවන Tool එකක් ලෙස හැඳින්විය හැකිය.
තවද 0.5 සිට 0.66 දක්වා ඇති පරාසය Golden Pocket එක ලෙස හඳුන්වනු ලබන අතර එම පරාසයට ඕනෑම Trade එකකදී Market එක පැමිණිය හොත් Reversal වී අනික් දිශාවට ගමන් කිරීමට ඉඩ ඇත.
එමෙන්ම Up Trade එකකදී Fibonacci Retracement Tool එක භාවිතා කරන විට එහි ආරම්භය "HL" එකෙන් සිදුකර අවසානය "HH" එකෙන් සිදුකල යුතු වේ. එවිට ඊලඟට ඇතිවන "HL" එක සොයාගත හැකි වේ.
Down Trade එකකදී එම Tool එක භාවිත කරන විට එහි ආරම්භය "LH" එකෙන් සිදුකල අවසානය "LL" එකෙන් සිදුකල යුතු වේ. එවිට ඊලඟට ඇතිවන "LH" එක සොයාගත හැකි වේ.
Up Trade එකකදී "HL" එක ඇති වී Market එක Reversal වීමට ඉඩ ඇති ස්ථාන පහත රූප සටහනින්දක්වා ඇත.
ඉහත සඳහන් පරාසයන් වලට Market එක පැමිණිය හොත් Reversal වී විරුද්ධ දිශාවට Market එක ගමන් කිරීමට ඉඩ ඇත.
Down Trade එකක දී "LH" එක ඇති වී Market එක Reversal වීමට ඉඩ ඇති ස්ථාන පහත රූපසටහනින් දක්වා ඇත.
Up Trade එකෙහි ආකාරයටම Down Trade එක තුළදී ද එම පරාසයන්වලට Market එක පැමිණෙන අතර Down Trade එකේ දී පමණක් 0.236 & 0.5 අතරට Market එක පැමිණිය හොත් පහළට දිගින් යුක්ත Impulse එකක් සෑදීමට ඉඩ ඇත.
Live Market එක තුල “HH & LL” පහසුවෙන් සොයා ගැනීමට මෙය උපකාරී වන අතර ඉහලට පැමිණෙන Market එකක HH සෙවීමට නම් පලමුව Fibonacci Retracement Tool එක ගෙන එහි ආරම්භය “HH” Point එකෙන් සිදු කර අවසානය “HL" Point එකෙන් සිදු කල යුතු වේ.එමෙන්ම පහලට පැමිණෙන Market එකක “LL” සෙවීමට නම් Retracement Tool එක ගෙන පෙර ඇති වූ “LL" Point එකෙන් ආරම්භය සිදු කර “LH” Pointඑකෙන් අවසානය සිදු කල යුතු වේ.
එමෙන්ම මෙම Tool එක භාවිත කර HH & LL සෙවීමට ප්‍රථමව ඔබ Analysis කරන Time Frame එකට අනුව Market එක තුල පෙර ඇති වී ඇති HH හා LL සදහන් පරාසයන්ගෙන් නැවත HH හෝ LL ඇති වීමට ඉඩ ඇත. එම නිසාවෙන් ඔබ තෝරාගන්නා Coin Chartඑකෙහි Analysis කරන Time Frame එකට අනුව එහි පෙර HH හෝ LL කුමන පරාසයන්ගෙන් හැරී ඇතිද බැලීම ඉතා වැදගත් වේ.
Up Trend එකකදී Advance Fibonacci Retracement එක භාවිතා කරන ආකාරය පහත රූප සටහනින්දක්වා ඇත.
Down Trend එකකදී Advance Fibonacci Retracement එක භාවිතා කරන ආකාරය පහත රූප සටහනින්දක්වා ඇත.
Fibonacci Extension එක යනු, Advance Fibonacci Retracement එක මෙන් ඒ හා කර්යයක් ඉටු කරන Tool එකකි. මෙමගින්ද “HH" හා “LL” ඇති වන පරාසයන් මනිනු ලබන අතර පෙර සදහන්ව ඇති Fibonacci Retracement එකට අදාල වන තොරතුරු සියල්ල මෙයටද පොදු වේ. මෙය භාවිත කරන ආකාරය නම්, Up Trend එකකදී “HH" බලා ගැනීමට අවශ්‍ය වූ විට පෙර ඇති වී ඇති HL Point එකෙන් Extension Tool එක ආරම්භ කර HH Point එක දක්වා එය ගෙන ගොස් පසුව ඇති HL එකෙන් අවසන් කල යුතු වේ. එවිට පැහැදිලිව පසුව HH එක ඇති වන පරාසයන්දැක්වේ. එමෙන්ම Down Trend එකකදී “LL" බලා ගැනීමට අවශ්‍ය වූ විට පෙර ඇති වී LH Point එකෙන් Extension Tool එක ආරම්භ කර LL දක්වා එය ගෙන ගොස් පසුව ඇති LH Point එකෙන් එය අවසන් කල යුතු වේ. එවිට පැහැදිලි ඊලග LL එක ඇති වන පරාසයන් දැක් වේ.
Up Trend එකකදී Fibonacci Extension Tool ಲಿක අදිනු ලබන ආකාරය නම්,
Down Trend එකකදී Fibonacci Extension Tool එක අදිනු ලබන ආකාරය නම්,