Truncation යනු කුමක්ද?
Truncation යනු කුමක්ද?
Impulse Wave එකක හෝ Diagonal Wave එකකතුන්වෙනියට හටගන්නා Wave එකෙහි අවසානයට වඩා පහළින් පස්වන Wave එකෙහි අවසානය සිදුවේ නම් එය Truncation එකක් ලෙස හඳුන්වයි. Bull Market එකක හා Bear Market එකක Trunctionඑකක් ඇතිවන ආකාරය පහත රූප සටහනකින් දක්වා ඇත.
Market එක තුළ මෙම Truncation හට ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන සාධක මොනවාද ?
ලෝකයට පොදුවේ බලපාන යුධමය ආපදා, විවිධ වසංගත රෝග හේතුවෙන් ආර්ථික ගැටලු ඇති වීමත් සමග වෙළඳපොළට පිවිසීමට පුද්ගලයින් හට මුදල් නොමැතිවීම වැනි කරුණු පදනම්ව මෙම Truncation ඇතිවිය හැක.
උදා :- ලෝක යුද්ධ, Covid 19
තුන්වෙනි Wave එක ප්‍රමාණයට වඩා බොහෝ දිගින් වැඩි වූ අවස්ථාවලදීපස්වන Wave එකෙහි අවසානයතුන්වන Wave එකෙහි අවසානයට වඩා පහළින් සිදුවේ. මෙසේ සිදුවූ අවස්ථාවලදී මෙය ද Truncation එකක් ලෙස හඳුන්වනු ලබයි.
Market එක තුල Truncation එකක් හට ගත් පසු ව Truncation එකක්ද නැතිදයන්න සනාථ කර ගැනීමට බලපාන සාධක මොනවාද?
Market එක තුළ හටගන්නා හතරවෙනි Waveඑකෙහි ප්‍රමාණය මෙන් 70% වත් අවම පස්වන Wave එක ගමන් කර තිබිය යුතුය.
පස්වන Wave එක 70% ගමන් කර ඇතිද බලාගැනීමට Fibonacci Retracement එක ගෙන තුන්වන Wave එකෙහි අවසානයෙන් ආරම්භ කර හතරවන Wave එකෙහි අවසානයෙන් අවසන් වන පරිදි Retracement Tool එක ගෙන ගොස් 70% යන Level එක On කළ පසු 70% වඩා ගමන් කර ඇතිදයන්න බලා ගත හැකිය. එසේ ඇතිනම් එය Truncation එකක් ලෙස සලකයි.
පස්වන Wave එකතුන්වන Wave එකෙහි අවසානයෙන් ඉහළට නොපැමිණේ නම් එය Truncation එකක් ලෙස සලකුණු ලබයි.
පස්වන Wave එකෙහි අභ්‍යන්තර ව්යුහයේසෑදෙන Wave එක සෑම අවස්ථාවේදීම Impulse Wave එකක් හෝ Ending Diagonal එකක් වේ නම් එය Truncation එකක් ලෙස සලකනු ලබයි.