Trade Confirmations
Trade Confirmations
වෙලදපොල පිලිබඳව මෙතෙක් අධ්‍යයනය කරන ලද කරුණු පදනම් කර ගනිමින් වෙලදපොලට පිවිසීමට අවශ්‍ය කරුණු තහවුරු කර ගැනීමේ පටන් ලාභයක් ලබා ගනිමින් වෙලදපොලින් ඉවත් වීමදක්වා අදාල වන සාධක නැතිනම් Confirmation පහතදක්වා ඇත.
Live Market එක තුල Trade එකක් ඇතිද යන්න තහවුරු කර ගැනීමට පදනම් වන සාධක එනම් Trade Confirmations මොනවාද?
1. Support/Resistance line
2. Market Structure
3. Trend Line
4. Supply/ Demand Zone
5. Fibonacci Levels
6. Indicators (Divergences)
මේ සාධක පදනම් කර ගනිමින් වෙළඳපොළ තුළ වෙළඳාම් කිරීමට සුදුසු පසුබිමක් ඇතිද යන්න තහවුරු කර ගැනීමට හැකිවේ.
Live Market එක තුළ Trade එකකට පිවිසීමට සුදුසුදයන්න තහවුරු කර ගැනීමට පදනම් වන සාධක එනම් Entry Confirmations මොනවාද?
1. Candlestick Pattern (Pinbar/Engulfing)
2. Divergence (Regular)
මෙම සාධක උපයෝගී කරගනිමින් වෙළඳපොළ තුළ සුදුසු පසුබිමක්ඇත්නම් Trade එකක් සඳහා Entry වීමට හැකියාව ඇත.
Trade Confirmation හා Entry Confirmation බලා වෙළඳපොළ තුළට පිවිසීමෙන් පසු ගමන් කළ දිශාවට විරුද්ධව හැරි අලාභ ලබන්නේ නම් එනම් Trade එකගන්නා ලද Trend එකට විරුද්ධව ගමන් කර Loss වීමකදී එම Loss එක අවම කර ගනිමින් Market එක තුළින් ඉවත්වීමට උපකාරි වන ප්‍රධාන සාධකයක් ලෙස "Stop Loss" හැඳින්විය හැකිය.
Loss එක අවම කර ගැනීමට භාවිතා කරන Stop Loss Conformation මොනවද?
1. Divergence Invalid Levels
2. Candlestick Patterns (Sclp,Swing)
3. Fibonacci Levels (Swing)
Fibonacci Level වලට Stop Lost තබන විට 0.88 යන Point එකට යටින් හෝ උඩින් තැබිය යුතුය. එනම් Long Trade එකකදී 0.88 යටින්ද Short Trade එකකදී 0.88 වඩා උඩින්ද Stop Loss එක තිබීම අනිවාය වේ.
Trade එකක් සඳහා පිවිසෙන්නේ නම් ඉහත කරුණු පිළිපදිමින් ඒ ඒ කරුණුවලට අදාළව Stop Loss භාවිතා කිරීම මගින් වෙළඳපොළ තුළ හොඳ ලාභයක් ලබාගත හැකිවේ.
වෙළඳපොළ තුළට පිවිසීමෙන් පසු හොඳ ලාභයක් ලබා ගනිමින් වෙළඳපොළ තුළින් ඉවත්වීමට එනම් Trade එකගනා ලද Trend එකටම Market එක ගමන්කර හොඳ Profit එකක් සමග Market එකෙන් ඉවත් වීමට උපකාරී වන ප්‍රධාන සාධකයක් ලෙස Take Profit හැඳින්විය හැකිය.
වැඩිලාභයක් ලබා ගනිමින් වෙළඳපොළින් ඉවත්වීමේදී භාවිතා කරනු ලබන Take Profit තබන පරාසය සොයා ගැනීමේදී සලකා බැලිය යුතු Confirmations මොනවාද?
1. Management R:R 1:2 (Trend) 50% R-R 1:1.5 (Ct Counter) 60%
2. Fibonacci Extension (1.618)
මෙම සාධක උපයෝගී කර ගනිමින් වෙළෙඳපොළ තුළ හොඳ ලාභයක් ලබා ගැනීමට සුදුසු පරාසය තෝරා ගෙන Take Profit තිබිය හැකිය.